ආසියාව ගැන කැපවීම අඩු නොකරන බව ඇමරිකාව කියයි.

Saturday, 05 October 2013 - 19:32

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ආර්ථික වශයෙන් අර්බුදයක සිටියද ආසියාවට කෙරෙහි දක්වන කැපවීම අඩු නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ඇපෙක් සමුළුව අමතමින් ඔහු මේ බව අද (05) කියා සිටියා. ඇමරිකාව තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් ආසියානු රටවල් සමග පවතින සබඳතාවලට බලපෑමක් සිදුනොවන බවද රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. ඉදිරි වසරේ අයවැය යෝජනා සම්මත කරගැනීමට ඇමරිකානු කොංග්‍රසය අපොහොසත්වීම වීම හේතුවෙනුයි ඇමරිකාව මේ වනවිට තාවකාලික ආර්ථික අර්බුදයකට ලක්ව ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories