වීඩියෝ: මන්නාරම් මුහුදේ බෝට්ටුවක් පෙරලී 5 දෙනෙකු මරුට.

Saturday, 05 October 2013 - 19:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මන්නාරම - පලූගස්තුරෙයි මුහුදු ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරලීමෙන් අද (05) පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 18 දෙනෙකු ගමන් කර ඇති බවයි. ධීවර බෝට්ටුවකින් මුහුදේ චාරිකාවක යෙදී සිටින අතරතුරයි ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මියගිය අය අතර කාන්තාවන් 03 දෙනෙකු, කුඩා ගැහැණු ළමයෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු වනවා. අනතුරට ලක් වූ බෝට්ටුවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තවත් පුද්ගලයෙකු මුල්ලිකුලම නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories