ඇමරිකාව, අප්‍රිකානු ත්‍රස්ත කල්ලි හඹා යයි.

Sunday, 06 October 2013 - 8:20

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B6%B9%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



අප්‍රිකාවේ ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලි නායකයන් සොයා ඇමරිකානු විශේෂ බලකාය විසින් මෙහෙයුම් දෙකක් ඊයේ ක්‍රියාත්මක කර තිබෙනවා. ලිබියාවේ - ටි‍්‍රපොලි නුවර සිදුකළ ඉන් එක් මෙහෙයුමකදී ජ්‍යෙෂ්ඨතම අල්කයිඩා නායකයෙකු වන අනාස් - අල් - ලිබි අත්අඩංගුවට ගත් බවයි ඇමරිකානු බලධාරීන් කියා සිටියේ. ඔහු 1998 වසරේ කෙන්යාවේ සහ ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට එල්ලවූ බෝම්බ ප්‍රහාරවල සැළසුම්කරු ලෙස සැළකෙනවා.

ඇමරිකානු නාවික හමුදා සීල් බලකාය මගින් ඊයේ අළුයම් කාලයේ දියත් කළ අනෙක් මෙහෙයුමේ ඉලක්කය වූයේ දකුණු දිග සෝමාලියාවේ සිටින අල් ෂබාබ් සටන්කාමින්. සෝමාලියාවේ අල්කයිඩා අනුගාමිකයන් ලෙස සැළකෙන අල් ෂබාබ් සංවිධානයේ නායකයා අල්වා ගැනීම එහි ප්‍රධාන අරමුණ වූ බව සඳහන්. ජ්‍යෙෂ්ඨ අල් ෂබාබ් නායකයන් කිහිපදෙනෙකු සිය ග්‍රහණයට ගත් බව ඇමරිකාව ප්‍රකාශ කළද, ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ සීල් බලකායට සිය ඉලක්කය වැරදී ඇති බවයි. පුද්ගලයන් 67 දෙනෙකු මරුමුවට පත් කරමින් කෙන්යාවේ - නයිරෝබි නුවර වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කළේද සෝමාලි - අල් ෂබාබ් සන්නද්ධ කල්ලියක් විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories