ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවන්න කල් යයි. ජනාධිපති ඔබාමා කියයි.

Sunday, 06 October 2013 - 13:19

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.++%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම සඳහා වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළා.  ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සිය ඇමරිකානු සංචාරයේදී සඳහන් කළේ ඉරානයට සති කිහිපයක් තුළ න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකි බවයි. මේ අනුව ජනාධිපති ඔබාමා සිදුකර ඇත්තේ ඉරානය පිළිබඳව ඊශ්‍රායල ස්ථාවරයට පටහැනි ප්‍රකාශයක්. ඉරාන නව ජනාධිපති හසාන් රවුහානි සිය ඇමරිකානු සංචාරයේදී ජනාධිපති ඔබාමා සමග දුරකථන සංවාදයක නිරතවූ අතර එරට රාජ්‍ය ලේකම්වරයාද හමුවුණා. දෙරට අතර එවැනි රාජතාන්ත්‍රික සබඳතාවක් ඇතිවූයේ වසර 30කට පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories