උතුරට බලතල දෙන්නැයි ඉන්දියාව නිල ලෙස ඉල්ලා නැහැලූ.

Sunday, 06 October 2013 - 12:38

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.

උතුර පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස ඉන්දියාව කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නැතැයි විදේශ අමාත්‍යාංශය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම ප්‍රකාශ කළේ උතුර පළාත් සභා මැතිවරණයෙන් පසුව හෝ එවැනි දැනුවත් කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් හෙට (07) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙනවා. එහිදී ඔහු මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

මේ අතර, ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ සංවාදයක් ඇති නොවනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළා. සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කළේ කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories