මාතර සිද්ධිය ගැන මංගලගෙනුත් ප්‍රශ්න කරයි.

Sunday, 06 October 2013 - 13:24

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මාතරදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී  පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.තමාද අද දිනයේ මාතර පොලීසියට ප්‍රකාශ දෙකක් ලබාදුන් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත සහ මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර ඇතුලූ පුද්ගලයන් විසි දෙදෙනෙකු පොලීසිය හමුවේ කට උත්තර ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළා.

එජාප ක්‍රියාකාරීන්ට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න ද මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඔහු දැනට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories