වීඩියෝ:දිගම්බරන්ගේ සහ තොණ්ඩමන්ගේ ආධාරකරුවන් යළි ගැටේ.

Sunday, 06 October 2013 - 19:01

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.



ජාතික කම්කරු සංගමය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර හැටන් - බගවන්තලාව ප්‍රදේශයේ දී යළිත් ගැටුමක් හටගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි. ජාතික කම්කරු සංගමයේ නායක පී. දිගම්බරන්ගේ ආධාරකරුවන් පිරිසක් උත්සවයක් සඳහා බගවන්තලාව නගරයේ සැරසිලි කටයුතු කරමින් සිටියදී දී ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමෙන් අනතුරුව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. බගවන්තලාව නගරය සරසා ඇත්තේ පසුගිය දා පළාත් සභා ඡන්දයෙන් තේරී පත්වූ ජාතික කම්කරු සංගමයේ මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි.

කෙසේ වෙතත්, අද (06) පෙරවරුවේ දී බගවන්තලාව නගරයේ දී උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණ කිසියම් පිරිසක් ඊට විරෝධය පළ කරමින් කළු කොඩි දමා ටයර් ද පිළිස්සූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබදව විමසීම සදහා අප ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories