එජාප කෘත්‍යාධිකාරිය අද රැස්වෙයි. - එජාප සභාපතිත් යයිද ?

Monday, 07 October 2013 - 7:56

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.++-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F



එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරීම මාධ්‍ය ආයතන සතු කාර්යයක් නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා. එහිදී මාතර ප්‍රදේශයේ දී පසුගිය දා පාක්ෂිකයන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා අදහස් පළ කළා. එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ පක්ෂය හැදීමට නම් අතරමග ගැටුම් ඇති කර ගැනීම අනවශ්‍ය බවයි.

අද (07) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් වන ප්‍රතිසන්ධාන යෝජනා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් පවතින්නේ නම්, තමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්වීමට වුව ද සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකුට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර, අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතයි. එහිදී, තීරණාත්මක කරුණු කිහිපයක් සහ පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් ද තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත්.පී.පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories