ශ්‍රී ලංකාවට ගිනිකොනදිග මුහුදේ භූ චලනයක්.

Monday, 07 October 2013 - 19:07

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙරටට ගිණිකොනදිග මුහුදේ භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළා. අද (07) පෙරවරු 11.50ට පමණ සිදුවූ මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 4.5ක්. පානම ප්‍රදේශයට කිලෝමීටර් 400ක් ඈතින් වූ මුහුදේ මෙම භූ චලනය සිදුව ඇති අතර, චලනය දැනුණු ප්‍රදේශයක් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ නිල්මිනී තල්දෙන කියා සිටියේ.
 
මේ අතර, පසුගිය 19 වන දා බදුල්ල - ලූණුගල ප්‍රදේශයේ ද භූ චලනයක් සිදුවූ අතර එහි ප්‍රබලත්වය දැක්වුණේ  රික්ටර් මාපක දෙකත් තුනත් අතර අගයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories