UPDATE : රනිල්, කරූ, සජිත් හමුව කල් යයි.

Monday, 07 October 2013 - 21:36

UPDATE+%3A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



මාතර නගරයේදී ඇතිවූ සිද්ධියේදී වෙඩි තැබීම් සඳහා භාවිත කළ පිස්තෝලයේ අනන්‍යතාවය හෙළිකරන ලෙස එක්සත් ජාතික පක්ෂය පොලීසියෙන් ඉල්ලීමක් කරනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ දෙවිනුවරදී තම පාක්ෂිකයන්ට පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය වහාම පියවර ගත යුතු බවයි.

මේ අතර, නායකත්ව මණ්ඩලයේ සංයුතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන සතියට කල් දමා තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. මෙම සාකච්ඡාව අනිද්දා (10) පැවැත්වීමට  මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට එදිනට එම සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි බව අද දැනුම් දීමත් සමග මෙම සාකච්ඡාව ලබන සතියට කල් දමා තිබෙනවා.


එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශවීමත් සමගම එහි පුරප්පාඩුව පිරවීම සඳහා එම පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු පත්විය හැකි බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා- පස්වරු 06:45

--------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදාපස්වරු 2:38

නායකත්ව මණ්ඩලයේ සංයුතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,  සහ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවලබන සතියට කල් දමා තිබෙනවා. අද (08) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. මෙම සාකච්ඡාව අනිද්දා පැවැත්වීමට  මීට පෙර තීරණය කර තිබුණා. එහෙත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට එදිනට එම සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි බව අද දැනුම් දීමත් සමග මෙම සාකච්ඡාව ලබන සතියට කල් දමා තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදාපස්වරු 2:38

--------------------------------------------------------------------

එජාපය මැද මාවතට.


එක්සත් ජාතික පක්ෂය විසින් පත්කිරීමට නියමිත නව මණ්ඩලයට නියමිත ප්‍රධාන කාර්යයන් 4ක් සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (08) පැහැදිලි කළා. පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ පක්ෂය මැද මාවතක ගෙන යාමේ අරමුණින් මෙම කාර්යයන් හතර මෙම මණ්ඩලය වෙත පැවරීමට ඊයේ (07) කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණය කළ බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදාපස්වරු 12:54

--------------------------------------------------------------------

එජාපයට නව මණ්ඩලයක්. - රනිල්, සජිත්, කරු හමුවක්.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා නව මණ්ඩලයක් පත් කිරීමට ඊයේ (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ (07) පස්වරු 4.45ට ආරම්භ වූ අතර එය රාත්‍රී 9.00 දක්වා පැවැත්වුණා. එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සහ ජයග්‍රහණය වෙනුවෙන් මණ්ඩලයක් පත් කිරීමටත් තීරණය කෙරුණු අතර එය උත්තරීතර මණ්ඩල සංකල්පය මත ක්‍රියාත්මක වීමටයි එහිදී යෝජනා වී ඇත්තේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ මෙම මණ්ඩලයේ නම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි. මීට අමතරව මෙම සතිය තුළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙනවා. එහිදී අදාළ යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරනු ඇති බවයි පක්ෂ ලේකම්වරයා කියා සිටියේ. මීට අමතරව ඊයේ (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව මණ්ඩලයේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත් කළ යුතු බවට ද යෝජනා වී තිබෙනවා. මේ අතර, පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ජාතික සංවිධායක දයා ගමගේ තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව ඊයේ (07) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දුන්නා.

 

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ වුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පක්ෂයේ විනයට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහලේකම් තිස්ස අත්තනායක එම රැස්වීමේ තීරණ දැනුම්දීමත් සමගම සත්‍යග්‍රහ ව්‍යාපාර අත්හැර දැමීමට ඊට සහභාගිවූවන් තීරණය කළා.

 
කෙසේ වුවත් එම රැස්වීමේදී පසුගිය දා මාතර දී ඇති වූ සිදධිය සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ.

පෙර පුවත  2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා - පෙරවරු 7:40

-------------------------------------------------------------------------------------

එජාපයට නව මණ්ඩලයක්. - රනිල්, සජිත්, කරු හමුවක්.


පෙර පුවත 2013 ඔක්තෝබර් 07 සඳුදා- පස්වරු 09:36

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා නව මණ්ඩලයක් පත් කිරීමට අද (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (07) පස්වරු 4.45ට ආරම්භ වූ අතර එය රාත්‍රී 9.00 දක්වා පැවැත්වුණා. එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සහ ජයග්‍රහණය වෙනුවෙන් මණ්ඩලයක් පත් කිරීමටත් තීරණය කෙරුණු අතර එය උත්තරීතර මණ්ඩල සංකල්පය මත ක්‍රියාත්මක වීමටයි එහිදී යෝජනා වී ඇත්තේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ මෙම මණ්ඩලයේ නම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි. මීට අමතරව මෙම සතිය තුළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කිරීමට ද තීරණය කර තිබෙනවා. එහිදී අදාළ යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරනු ඇති බවයි පක්ෂ ලේකම්වරයා කියා සිටියේ. මීට අමතරව අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව මණ්ඩලයේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත් කළ යුතු බවට ද යෝජනා වී තිබෙනවා. මේ අතර, පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ජාතික සංවිධායක දයා ගමගේ තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව අද (07) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දුන්නා.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භවීමට පෙර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ වුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පක්ෂයේ විනයට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහලේකම් තිස්ස අත්තනායක එම රැස්වීමේ තීරණ දැනුම්දීමත් සමගම සත්‍යග්‍රහ ව්‍යාපාර අත්හැර දැමීමට ඊට සහභාගිවූවන් තීරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories