UPDATE : වීඩියෝ: වාස් තවත් නඩුවකට රිමාන්ඞ්.

Tuesday, 08 October 2013 - 16:10

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.


මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවෙකු ලෙස නම් කරන බව නීතිපතිවරයා ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් වෙත දැනුම්දී තිබුණා. ඒ අනුව, කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස හමුවේ අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර වාස් ගුණවර්ධනගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මෙම සිද්ධියට අදාලව ඔහුට ඇප ඉල්ලා සිටිය ද එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවාට 2009 අගෝස්තු මස 9 වැනිදා සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට සහ ඔහුගේ බිරිඳට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා. මේ සම්බන්ධයෙන් නිපුණ රාමනායක සිසුවාගේ පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 1:17

------------------------------------------------------------------------------

මාළඹේ සිද්ධියටත් වාස් ගුණවර්ධන සැකකරුවෙකු වේ.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නීතිපතිවරයා විසින් අද (08) නම් කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් වෙත නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ. අදාළ නඩුව හෙට දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනෙන අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.

මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවාට 2009 අගෝස්තු මස 9 වැනිදා සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට සහ ඔහුගේ බිරිඳට මීට පෙර චෝදනා එල්ල වී තිබුණා.

මේ අතර කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සැකකාර ලැයිස්තුවෙන් ඉවත් කිරීම දැනට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිද්ධියට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි. නඩුවේ පළමු සැකකරුවන් වන මොහොමඞ් ෆවුසිඞීන් සහ ක්‍රිශාන්ත කෝරලගේ යන පුද්ගලයන් රජයේ සාක්ෂිකරුවන් බවට පත්කර  කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට සූදානම් බව මීට පෙර ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අද සඳහන් කර ඇත්තේ ඊට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවට යොමුවීමට අපේක්ෂා කරන බවයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා- පස්වරු 06:40

--------------------------------------------------------------------

වාස් ගුණවර්ධන, නිපුණ රාමනායක සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් වේ. 

පෙර පුවත 2013 ඔක්තෝබර් 08 අඟහරුවාදා- පස්වරු 04:10

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නීතිපතිවරයා විසින් අද (08) නම් කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් වෙත නීතිපතිවරයා විසින් මෙම දැනුම්දීම කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ. අදාළ නඩුව හෙට දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනෙන අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories