NEW UPDATE :වීඩියෝ: ඇමති ධුර සංඛ්‍යාව 106 දක්වා ඉහළට.

Wednesday, 09 October 2013 - 12:49

NEW+UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+106+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම්දීමත් සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව රජයේ සියලූ අමාත්‍යවරුන් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 56 ක් වන අතර නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනා සමඟ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38 දක්වා ඉහළ යනවා. ඊට අමතරව, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකු ද අමාත්‍ය මණ්ඩලයට අයත්.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනා දිවුරුම් දෙනු ලැබුවේ අද (10) පෙරවරුවේයි. වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, හේමාල් ගුණසේකර සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඇන්ටනී වික්ටර් පෙරේරා මන්ත්‍රීවරයායි. චන්ද්‍රසිරි මුතුකුමාරණ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා දිවුරුම් දෙන ලැබුවේ සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මොහාන් ලාල් ගේ‍්‍රරු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සනත් ජයසූරිය තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලක්ෂ්මන් වසන්ත කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි.

තවමත් අමාත්‍යාංශ 23 ක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කර නැහැ. එම අමාත්‍යාංශ අතරට අධිකරණ, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, පාර්ලිමේන්තු කටයුතු, ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු, පෞද්ගලික ප්‍රවාහන සේවා, ජනමාධ්‍ය හා තොරතුරු යන අමාත්‍යාංශ ද ඇතුළත්. ඊට අමතරව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන, සංස්කෘතික සහ කලා කටයුතු, මහජන සම්බන්ධතා සහ පොදු කටයුතු යන අමාත්‍යාංශ වලට ද මෙතෙක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කර නැහැ.

ක්‍රීඩා, රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ, ජාතික උරුමයන්, සීනි කර්මාන්ත සංවර්ධන, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, තාක්ෂණ, පර්යේෂණ සහ පරමාණුක ශක්ති, උද්භිද උද්‍යාන සහ විනෝද කටයුතු, අධ්‍යාපන සේවා, වනජීවි සම්පත් සංරක්ෂණ සහ ඵලදායිතා සංවර්ධන යන අමාත්‍යාංශ වලද නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කර නැහැ.

 

යාවත්කාලීන කිරීම  2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 7:16

--------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 01:36

නි. අමාත්‍යවරුන් 38 දක්වා ඉහළට.

අද (10) දිවුරුම් දුන් නව නියෝජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනා සමඟ ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 54 ක්. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 10 දෙනෙකු සහ ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකුද ආණ්ඩුවේ සිටිනවා.

යාවත්කාලීන කිරීම  2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 1:36


[JPG]68947_1[/JPG]

[JPG]68947_2[/JPG]

[JPG]68947_3[/JPG]

[JPG]68947_4[/JPG]

[JPG]68947_5[/JPG]

[JPG]68947_6[/JPG]

[JPG]68947_7[/JPG]

[JPG]68947_8[/JPG]

[JPG]68947_9[/JPG]

[JPG]68947_10[/JPG]

[JPG]68947_11[/JPG]

[JPG]68947_12[/JPG]

[JPG]68947_13[/JPG]

----------------------------------------------------------------------------------

නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු දිවුරුම් දෙයි.

  

නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, හේමාල් ගුණසේකර සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඇන්ටනී වික්ටර් පෙරේරා මන්ත්‍රීවරයායි. චන්ද්‍රසිරි මුතුකුමාරණ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා දිවුරුම් දෙන ලැබුවේ සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

 
මොහාන් ලාල් ගේ‍්‍රරු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සනත් ජයසූරිය තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලක්ෂ්මන් වසන්ත කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි.

පෙර පුවත  2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 12:50

-----------------------------------------------------

නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු දිවුරුම් දෙයි.

  

නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යලයේදියි. වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, හේමාල් ගුණසේකර සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඇන්ටනී වික්ටර් පෙරේරා මන්ත්‍රීවරයායි. චන්ද්‍රසිරි මුතුකුමාරණ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා දිවුරුම් දෙන ලැබුවේ සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

 

මොහාන් ලාල් ගේ‍්‍රරු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සනත් ජයසූරිය තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ලක්ෂ්මන් වසන්ත කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පෙරවරු 11:35

------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:35

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද පෙරවරුවේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත තිබෙනවා. අද (10) පෙරවරු 9 ත් 11 ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම්දීම සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පළාත් සභා ඇමතිවරුන් ලෙස සිට ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික්වලින් වැඩිම මනාප ලැබූ සහ සන්ධානයේ කුඩා පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව සඳහන්. බොහෝ දුරට 13 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වනු ඇති.

 

----------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 12:49

නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම හෙට.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (10) නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. බොහෝ දුරට 13 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වනු ඇති. කෙසේ වෙතත්, මෙම දිවුරුම්දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නැහැ.

 
පසුගිය මහ මැතිවරණයේදී, වැඩිම මනාප ලබා ගත් මන්ත්‍රීවරුන් මෙන්ම, දෙවරක් පළාත් සභාව නියෝජනය කර පාර්ලිමේන්තුවට තේරී පත්වී අමාත්‍ය ධුර හිමි නොවූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇතැයි අපේක්ෂිතයි. එහෙත්, එම නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම තීරණය කරන පැහැදිලි නිර්ණායකයක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories