UPDATE : වැලිවේරියට පොලිස්පති නියෝගයෙන් හමුදාව කැඳවූයේ නැහැ.

Wednesday, 09 October 2013 - 15:38

UPDATE+%3A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

වැලිවේරිය සිද්ධියට පොලිස්පති නියෝගයෙන් හමුදා කැඳවූ බවට පළ වන වාර්තා අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ සිද්ධියට මූලික වූ අදාළ කර්මාන්තශාලාවේ ආරක්ෂාවට හමුදාව කැඳවීමට පොලිස්පතිවරයා පියවර ගත් බවයි. වැලිවේරිය සිද්ධියට අදාළ නඩුව ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර, එහිදී සාක්ෂි ලබා දුන් ගම්පහ පොලිස් අධිකාරිවරයා හමුදාව කැඳවූයේ පොලිස්පතිවරයා විසින් යැයි ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 05:09

---------------------------------

පෙර පුවත  2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 06:55

වැලිවේරිය සිද්ධියට හමුදාව කැඳවූයේ පොලිස්පතිවරයායි. අධිකරණයේදී හෙළිවෙයි.


රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් බව ගම්පහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක හමුවේ අද යළි කැඳවූ අතර එහිදී සාක්ෂි ලබාදෙමින් පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ තමන්ට ලැබී ඇති වාර්තාවලින් මේ බව තහවුරු වන බවයි. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුණු අතර එහිදී පොලිස් අධිකාරීවරයා කියා සිටියේ මෙහිදී වෙඩි තැබීම්  සිදුවන අවස්ථාවේදි තමන් සිද්ධියට මූලික වූ කර්මාන්ත ශාලාව අසල රැඳී සිටි බවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් කියා සිටියේ මෙම සාක්ෂිවලින් පැහැදිළිවන්නේ පොලීසිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මවක වනවා වෙනුවට කර්මාන්ත ශාලාව ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇති බව පැහැදිළි වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් රතුපස්වල ප්‍රදේශවාසියෙකුද අද (09) සාක්ෂි ලබාදුන් අතර නැවත සාක්ෂි ලබාගැනීම ලබන මස 8 වැනිදා දක්වා කල් ගියා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 06:55

---------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 09 බදාදා- පස්වරු 03:38

වැලිවේරිය විරෝධතාවට හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයායි.

රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් බව ගම්පහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු අද (09) කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක හමුවේ විභාගයට ගැනුනු අතර එහිදී සාක්ෂි ලබාදෙමිනුයි පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීමෙන් සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුණු අතර එහිදී ගම්පහ පොලිස් අධිකාරීවරයා කියා සිටියේ උද්ඝෝෂණය විසුරුවා හැරීමට හමුදාව කැඳවූයේ තමා විසින් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories