UPDATE : පැහැරගත් ලිබියානු අගමැති මුදාහැරේ.

Thursday, 10 October 2013 - 10:05

UPDATE+%3A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.

සන්නද්ධ කැරලිකාර කල්ලියක් විසින් පැහැර ගත් ලිබියානු අගමැති අලි සෙයිඩාන් මුදා හැර තිබෙනවා. ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් ඔහු පැහැර ගත් බවයි වාර්තා වූයේ. ලිබියානු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළ බව ඔවුන් සඳහන් කළා. කෙසේ නමුත් ලිබියානු අධිකරණ අමාත්‍යාංශය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර පැය කිහිපයක් ඇතුළත අගමැතිවරයා මුදාහැර තිබෙනවා. අල්කයිඩා ක්‍රියාකාරිකයෙකු ලිබියානු භූමිය තුළදී අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු කොමාන්ඩෝ භටයන් සිදුකළ මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් මෙම පැහැර ගැනීම සිදුකරන්නට ඇතැයි සැලකෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 7:49

-------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 03:41

පැහැර ගත් ලිබියානු අගමැති නිදහස් කෙරේ.

සන්නද්ධ කැරලිකාර කල්ලියක් විසින් පැහැර ගත් ලිබියානු අගමැති අලි සෙයිඩාන් මුදා හැර තිබෙනවා. ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් ඔහු පැහැර ගත් බවයි වාර්තා වූයේ. ලිබියානු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළ බව ඔවුන් සඳහන් කළා. කෙසේ නමුත් ලිබියානු අධිකරණ අමාත්‍යාංශය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 3:41

-------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 01:12

ලිබියානු අගමැති පැහැරගැනේ.

ලිබියාවේ අග්‍රාමාත්‍ය අලී සයිඩර් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අද පෙරවරුවේ ටි‍්‍රපොලි අගනුවර පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී මෙලෙස පැහැරගෙන ඇති බවයි. ලිබියානු අග්‍රාමාත්‍යවරයා රඳවාගෙන සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. ලිබියාව තුළ ත්‍රස්තවාදය නැති කිරීම සඳහා උපකාර කරන ලෙස ලිබියානු අග්‍රාමාත්‍යවරයා බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබුණා. එය පැහැරගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පස්වරු 1:12

-------------------------------------------------------
 ලිබියාවේ අගමැති පැහැර ගනී.

පෙර පුවත 2013 ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා- පෙරවරු 10:05

ලිබියාවේ අග්‍රාමාත්‍ය අලී සිඩාන් අන්තවාදීන් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අද (10) පෙරවරුවේ මෙම පැහැර ගැනීම සිදුව ඇති අතර ඔහු රඳවාගෙන සිටින ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. ලිබියාවේ හෝටලයක් තුළ රැදී සිටි අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට යෑමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ. මෙහිදී වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories