හෙට සුනාමි පෙරහුරුවක්.

Thursday, 10 October 2013 - 13:26

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

හෙට දිනයේ දිවයින පුරා සුනාමි, ගං වතුර හා නායයෑම් සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම පෙරහුරුව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල සියලූම ජනතාව මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

මේ අතර ඉදිරි දින දෙක තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටු තත්ත්වයක් ඒ සඳහා හේතුවී ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ. සුජීව ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories