වීඩියෝ : රතුපස්වල නවතම ගැටුම ?

Friday, 11 October 2013 - 7:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%3F

මතභේදයට ලක්වු වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට තවදුරටත් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රදේශවාසීන් මෙලෙස කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කර්මාන්ත ශාලාව තවත් මාස 6ක් පවත්වාගෙන යාම සඳහා කර්මාන්තශාලා බලධාරීන්, උපවාස කළ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමග පෙරේදා (09) දිනයේ දී ගිවිසුමක් අත්සන් කළා. කෙසේ වෙතත් පසුව ඒ සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන්ට සහ එය අත්සන් කළ අනෙක් පුද්ගලයන්ට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් දැඩි විරෝධයක් දක්වා සිටියා. සිරිධම්ම හිමියන් ඊයේ  (10) මධ්‍යම රාත්‍රියේම කර්මාන්ශාලාව අසළට පැමිණ අත්සන් කළ ගිවිසුම අවලංගු කළ බවට ප්‍රකාශ කිරීමත් සමග ප්‍රදේශවාසීන් විසිර ගියේ. කෙසේ වෙතත්, ඔවුන් අද (11) දිනයේ දී නැවතත් කර්මාන්ත ශාලාව අසළ රැදී සිටිමින් විරෝධය පළ කරනවා.                                              

පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ කර්මාන්ත ශාලා බලධාරීන් අතර ඇති කර ගත් එම ගිවිසුමේ දැක්වුණේ 2014 වර්ෂයේ අප්‍රේල් මස 30 වන දා වන විට කර්මාන්ත ශාලාවේ සියලූම නිෂ්පාදන කටයුතු අත්හිටුවන බවයි. මීට අමතරව සමෘද්ධිලාභීන් ඇතුළු පවුල් 3000ක් සදහා නළ ජල සම්බන්ධතා ලබාදීම සඳහා අවශ්‍ය මූලික ගෙවීම් සිදුකෙරෙන බවට ද එම ගිවිසුමේ දී කර්මාන්ත ශාලා බලධාරීන් විසින් එකඟත්වය පළ කර තිබෙනවා.

රතුපස්වල ප්‍රදේශයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද උන්වහන්සේගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුණා. අනතුරුව ප්‍රදේශයේ අප වාර්තාකරු උන්වහන්සේ වැඩසිටින විහාරස්ථානයට ගිය ද අද (11) උදෑසන සිට සිරිධම්ම හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැහැ.  

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පස්වරු 08:10
-------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පෙරවරු 07:50

රතුපස්වල යළිත් උණුසුම්.

වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේ මතභේදයට ලක්වු කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී ඊයේ (10) රාත්‍රියේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ, අදාළ කර්මාන්ත ශාලාව තවත් මාස 06 ක් පවත්වාගෙන යාම සඳහා කර්මාන්ත ශාලා බලධාරීන්, පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් සහ ප්‍රදේශවාසී නියෝජිතයෙකු සමඟ ඊයේ ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟයි. ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයේදී ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී කොමසාරුගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර, පසුව ඔවුන් මෙම එකඟතාවයට එළැඹුණා.

එහි දැක්වුණේ 2014 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදා වනවිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නැවැත්වීම සඳහා එකඟත්වයට පැමිණි බවයි. සමෘද්ධිලාභීන් ඇතුළු පවුල් 3000 ක් සඳහා නළ ජල සම්බන්ධතා ලබා ගැනීමට අවශ්‍ය මූලික ගෙවීම් සිදුකරන බවටද මෙහිදී කර්මාන්ත ශාලා බලධාරීන් එකඟත්වය පළකර තිබෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කියා සිටියේ ජනතාවගේ යහපත වෙනුවෙන් තමන් මෙම එකඟතාවට පැමිණි බවයි. මෙම සිද්ධිය මුල් කරගෙන ගැටුම්කාරි තත්ත්වයක් ඇතිනොවිය යුතු බවයි උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ.


කෙසේ වෙතත්, මෙම එකඟත්වය සම්බන්ධයෙන් ආරංචි වූ රතුපස්වල ප්‍රදේශවාසීන් අදාළ කර්මාන්ත ශාලාව ඉදිරිපිටට ඊයේ පස්වරුවේ රැස්වුණා.තමන්ට මෙම එකඟතාවය පිළිගත නොහැකි බව පවසමින් ඔවුන් මෙහිදී විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

 
ඊයේ මධ්‍යම රාත්‍රී 12 පමණ වනතෙක් එම ස්ථානයේ මෙම ජනතාව රැදී සිටි අතර, පසුව එම ස්ථානයට පැමිණි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් මෙම ගිවිසුම අවලංගු කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ පිරිස විසිර ගිය බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories