UPDATE :වීඩියෝ: මුදලට විකිණුනේ නැහැ. - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්.

Friday, 11 October 2013 - 10:41

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.++-+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.

උතුර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊයේ යාපනයේ පැවති දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණා. ඒ අනුව උත්සවය, වර්ජනය කළ ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ සහ ප්ලොට් යන දෙමළ සන්ධාන නියෝජිත පක්ෂ අද යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා. ඊට එක්ව සිටියේ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ටෙලෝ සංවිධානයේ එම්.කේ සිවාජිලිංගම් සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ තම නියෝජිතයන් කිසිදු අවස්ථාවක මුදලට විකිණෙන්නේ නොමැති බවයි. එසේම මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට පළාත් අමාත්‍යවරුන් පත් කර දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්දැයි ඔහු ප්‍රශ්න කළා.

එහෙත් ඊයේ පැවති දිවුරුම් දීමේ උත්සවයේදී උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සොහොයුරන්ට ඇමති ධුර ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

යාපනය, වීරසිංහම් ශාලාවේ ඊයේ (11) පැවැති උතුරු පළාත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේ උත්සවය ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වර්ජනය කළා. ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් පී. අයින්ගරනේෂන් මන්ත්‍රීවරයා පමණයි. පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර තේරී පත්වූ එම සංවිධානයේ අනෙක් මන්ත්‍රීවරුන් 5 දෙනා ද දිවුරුම් දීමේ අවස්ථාව වර්ජනය කර තිබුණා.
 
ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියත් පළාත් සභාවට තේරී පත් වූ එම්.කේ.සිවාජිලිංගම්  සහ තවත් මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට පැමිණ සිටියේ නැහැ.  මේ අතර දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඊයේ දිවුරුම්දීම වර්ජනය කළ මන්ත්‍රීවරුන් ලබන සඳුදා මුලතිව් හිදී දිවුරුම් දීමට නියමිත බවයි.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 7:06

----------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර්  12 සෙනසුරාදා- පස්වරු 2:26

දිවුම්රුම්දීම වර්ජනය කළ T.N.A පක්ෂ තතු කියයි.

දෙමළ ජාතික සන්ධානය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කළා. ඒ යාපනයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. එම මාධ්‍ය හමුවට ටෙලෝ සංවිධානයේ එම්.කේ සිවාජිලිංගම් සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ද සහභාගි වී සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ මෙවන් අදහසක්.

 

‘‘අපි උතුරු මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඉටු කර ගන්න සියලූදෙනා කැපවෙන්න  ඕන. අපි ඒ අරමුණ තුළ තවමත් සිටිනවා. ඒ වගේම එයින් කිසිවිටෙකත් බැහැර වෙන්නත් අපි ඉඩ දෙන්නේ නැහැ. මුදලට කිසිවෙකු හෝ එම අරමුණ පාවා දුන්නොත් අපි ඒක ජනතාවට භාර දෙනවා. දැනට අපි අතර ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ ඇමතිකම් ගැන නෙවෙයි. ඒ වගේම තනතුරු ගැනත් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ තමිල් අරුසු පක්ෂය ගොඩක් තීරණ තනිවම ඔවුන්ට  ඕන විදිහට ගන්න එක. මම හිතනවා සන්ධානයක් රැකෙන්න නම් සියලූදෙනා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න  ඕන කියලා. මේක දෙමළ සන්ධානය බෙදන්න හදන දෙයක් නොවෙයි.’’

 

 

යාපනය, වීරසිංහම් ශාලාවේ ඊයේ පැවැති උතුරු පළාත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේ උත්සවය දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වර්ජනය කළා. පළාත් සභාවට ප්ලොට් සංවිධානයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනා දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

 

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් පී. අයින්ගරනේෂන් මන්ත්‍රීවරයා පමණයි. පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර තේරී පත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ අනෙක් මන්ත්‍රීවරුන් 5 දෙනා ද දිවුරුම් දීමේ අවස්ථාව වර්ජනය කර තිබුණා.

 

දෙමළ සන්ධානයේ තවත් හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණි සිටි නමුත්, එම සංවිධානයෙන් පළාත් සභාවට තේරී පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්  ඇතුළු තවත් මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට පැමිණි නොසිටි බව ද වාර්තා වුණා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 2:26

----------------------------------------------------

TNA  මන්ත්‍රීවරුන් 8ක් දිවුරුම්දීම වර්ජනය කරයි.

උතුර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දේශපාලන වාසි ලබා ගැනීමෙන් වැලකිය යුතු බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ උතුරු පළාත් සභාවට තේරී පත්ව සිටින අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව අද (11) පැවැති උත්සව සභාව අමතමින්.

එහෙත් යාපනය - වීරසිංහම් ශාලාවේ පැවැති දිවුරුම්දීමේ උත්සවය දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වර්ජනය කළා. මේ අනුව මෙවර පළාත් සභාවට ප්ලොට් සංවිධානයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනා දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් පී. අයින්ගරනේෂන් මන්ත්‍රීවරයා පමණයි. පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කර තේරී පත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ අනෙක් මන්ත්‍රීවරුන් 5 දෙනා ද දිවුරුම් දීමේ අවස්ථාව වර්ජනය කර තිබුණා.

දෙමළ සන්ධානයේ තවත් හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණි සිටි නමුත්, එම සංවිධානයෙන් පළාත් සභාවට තේරී පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්  ඇතුළු තවත් මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීමට පැමිණි නොසිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අනුව අද (11) දිවුරුම් දෙනු ලැබුවේ පළාත් සභාවට තේරී පත්වූ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 30 දෙනාගෙන් 21 දෙනෙකු පමණයි.

මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු මන්ත්‍රීවරුන් විසි දෙදෙනෙකු අද (11) පැවැති දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි අතර මන්ත්‍රීවරුන් 8 දෙනෙකු එය වර්ජනය කර තිබුණා.

 

පෙර පුවත 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පස්වරු 07:34
-------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පස්වරු 12:41

උතුරේ දිවුරුම් දීම T.N.A පක්ෂ කිහිපයක් වර්ජනය කරයි.

උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සහ අමාත්‍යවරුන් සිව් දෙනා අද (11) උදෑසන පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම්දීමේ උත්සවය දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වර්ජනය කර තිබූ අතර, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියේ පී. අයින්ගරනේෂන් මන්ත්‍රීවරයා පමණයි. කෙසේ වෙතත්, ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණි සිටි නමුත්, එම සංවිධානයෙන් පළාත් සභාවට තේරී පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් දිවුරුම් දීමට පැමිණ සිටියේ නැහැ. හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ අමාත්‍ය ධුරය සඳහා ටෙලෝ සංවිධානයෙන් යෝජනා කළ තමන් වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් මෙම උත්සවය වර්ජනය කළ බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පස්වරු 12:41

-------------------------------------------------------------------------

උතුරේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි.
පෙර පුවත 2013 ඔක්තෝබර් 11 සිකුරාදා- පෙරවරු 10:41

උතුරු පළාත් සභාවට තේරීපත් වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 23 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම් දුන්නා. කෙසේ වෙතත් දිවුරුම්දීමේ උත්සවයට ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ අමාත්‍ය ධුරය හිමිවූ මන්ත්‍රීවරයා හැර සෙසු සාමාජිකයින් සහභාගි වී නොසිටි බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. එමෙන්ම, ප්ලොට් සංවිධානයේ නියෝජිතයින් ද දිවුරුම්දීමේ උත්සවය වර්ජනය කර තිබුණා. කෙසේ වෙතත්, ටෙලෝ සංවිධානයේ නියෝජිතයින් දිවුරුම්දීමේ උත්සවයට එක්ව සිටියත්, එම පක්ෂයෙන් පළාත් සභාවට තේරී පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මීට දිවුරුම්දීමට සහභාගි නොවූ බවයි හිරු වාර්තාකරු පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories