පොදුරද මඩුලූ සමුළුවෙන් ජන දිවියට බාධා නැහැ.

Friday, 11 October 2013 - 19:03

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව රටේ ජනතාවගේ දෛනික ජීවිතයට ගැටළුවක් නොවන අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව රජය පවසනවා. ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සඳහන් කළේ තේරා ගත් ප්‍රදේශවල පමණක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට කටයුතු කර ඇති බවයි.          

මේ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වෙන කාලය තුළ විරෝධතා පෙළපාලි තහනම් කිරීමට රජය කටයුතු කර ඇති බවට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද චෝදනා කර තිබුණා. ඒ පිළිබද ද මාධ්‍යවේදීන් ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ එවැනි කිසිඳු තහනමක් හෝ නව නීති පැනවීමක් සිදුකර නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories