වීඩියෝ: නිදහස් සන්ධාන අපේක්ෂාවක් වයඹ දී බිඳ වැටේ.

Friday, 11 October 2013 - 19:28

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.

වයඹ පළාත් සභාවේ සභාපති ධුරයට පත්වූ ධර්මසිරි දසනායක පක්ෂය ගෙන තිබූ තීන්දුව උල්ලංගණය කළ බවට වයඹ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රානි දසනායක චෝදනා කරනවා. එම පළාත් සභාවේ අද (11) පැවැති මංගල සැසි වාරයේදී සභාපති ධුරයට තරග කළ ඉන්ද්‍රානි දසනායක,  පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධර්මසිරි දසනායක එම තනතුරට පත්වුණා. ඒ, වැඩි ඡන්ද 8කින්. ඡන්ද විමසීමේදී ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා ඡන්ද 30ක් ලබා ගත් අතර, ඉන්ද්‍රානි දසනායකට හිමි වුණේ ඡන්ද 22ක් පමණයි.

වයඹ පළාත් මංගල සැසි වාරය අද (11) ආරම්භ කෙරුණු අවස්ථාවේදී සභාපති සහ උපසභාපති තනතුර සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවුණේ ආණ්ඩු පක්ෂයට අමතරව විපක්ෂයෙන් ද ඒ සඳහා නම් යෝජනා කිරීම හේතුවෙන්.

පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මහඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පළාත් සභාවල සෙසු තනතුරුවලට පත් කර ගන්නා මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කළා. වයඹ පළාත් සභාවේ සභාපති ධුරයට ඔහු යෝජනා කළේ ඉන්ද්‍රානි දසනායක මන්ත්‍රීවරියගේ නමයි.                                   

මේ අනුව අද (11) වයඹ පළාත් මංගල සැසිවාරයේදී පළාත් මහඇමති දයාසිරි ජයසේකර විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිනී ඉන්ද්‍රානි දසනායකගේ නම යෝජනා කළා. එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්.එම්. පෙරේරා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ධර්මසිරි දසනායකගේ නම යෝජනා කළ අතර පසුව පළාත් මහඇමති දයාසිරි ජයසේකර, ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයාට කියා සිටියේ එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙසයි. එහෙත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා සභාපති තනතුරට පුද්ගලයෙකු පත් කිරීමට රහස් ඡුන්දයක් පැවැත්වීමට සිදුවුණා.

වයඹ පළාත් සභාව මන්ත්‍රීවරුන් 52 ගෙන් සැදුම් ලබනවා. ආණ්ඩු පක්ෂයට ආසන 34ක් හිමි අතර, එක්සත් ජාතික පක්ෂයට ආසන 12ක් හිමියි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මන්ත්‍රී ආසන 3ක්, මුස්ලිම් කොංග්‍රසයට ආසන 2ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ද වයඹ පළාත් සභාවේ ආසනයක් හිමි වී තිබෙනවා. කෙසේ වෙතත්, විපක්ෂයෙන් යෝජනා වූ ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා අද (11) සභාපති තනතුරට පත්වූයේ විපක්ෂයේ ඡන්ද 16ට අමතරව ආණ්ඩුවේ ඡන්ද 14ක් ද හිමි කර ගනිමින්. ඡන්ද විමසීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ සභාපති ධුරයට තරග කර පරාජයට පත්වූ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රානි දසනායක කියා සිටියේ සන්ධානයේ තීරණයට පිටින් ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, එල්ල වන චෝදනා පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සභාපති ධුරයට පත්වූ ධර්මසිරි දසනායකගෙන් ද කරුණු විමසා සිටියා. ඔහු ප්‍රකාශ කළේ පළාත් සභාවේ ක්‍රියා පටිපාටියට කිසිවෙකුටත් බලපෑම් කළ නොහැකි බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories