UPDATE : වීඩියෝ: හම්බන්තොටදී මග හරස් කළ ධීවරයන් 13 ක් අත්අඩංගුවට.

Saturday, 12 October 2013 - 7:58

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85++%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හම්බන්තොට - කතරගම ප්‍රධාන මාර්ගය හරස් කරමින් අද (12) දහවල් උද්ඝෝෂණයේ නිරතවූ ධීවරයින් 13දෙනෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ උද්ඝෝෂණය අතරතුරදී සාමය කඩවන පරිදි හැසිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.  හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ආපසු ගොඩබිමට පැමිණෙමින් සිටියදී ඊයේ රාත්‍රියේ ධීවර වරායේ ගල් බැම්ම ආසන්නයේදී එය අනතුරට ලක්වී තිබුණා. එහිදී ගමන් කළ ධීවරයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඞ් ස්මයිල් නිෂාර් නැමති 46 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේම පදිංචි ධීවරයෙක්. මෙහිදී තුවාල ලබා පී.ජී. කාලිදාස නැමති 39 හැවිරිදි ධීවරයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේ පොදු දේපළවලට හානි සිදුකිරීම සහ සාමය කඩ කරමින් කටයුතු කිරීම යන චෝදනා මත මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 08:00

-------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පෙරවරු 02:50

ධීවර මරණයෙන් පසු හම්බන්තොට උද්ඝෝෂණයක්.

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ ධීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ධීවරයන් දෙදෙනෙකු සමග මුහුදු ගිය මෙම යාත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් සිටියදී ධීවර වරායේ ගල් බැම්ම ආසන්නයේදී එය අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මුහුදට වැටී මිය ගිය ධීවරයාගේ සිරුර අද උදෑසන සොයාගෙන ඇති අතර ඔහු හම්බන්තොට ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙක්. අනෙක් ධීවරයා මේ වනවිට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

ධීවරයන් පවසන්නේ ධීවර වරායේ ගල් බැම්ම අනතුරුදායක ලෙස පැවතීම නිසා මෙවැනි සිද්ධීන් ඉහළ යන බවයි. ඊට නිසි පියවර ඉල්ලමින් ධීවරයන් අද උද්ඝෝෂණයක ද නිරත වුණා. එහිදී හම්බන්තොට - තංගල්ල මහාමාර්ගය ධීවර බෝට්ටු යොදා අවහිර කළ ඔවුන් අනතුරුව, ඒවාට ගිනි තැබූ බවයි හම්බන්තොට හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

 

ධීවරයන් පවසන්නේ ධීවර වරායේ ගල් බැම්ම අනතුරුදායක ලෙස පැවතීම නිසා මෙවැනි සිද්ධීන් ඉහළ යන බවයි.

 

මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල්ගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ දැනටමත් අවස්ථා කිහිපයකදී මේ පිලිබඳව බලධාරින්ගේ අවධානය යොමුකර ඇති අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ධීවරයින්ට ලබාදෙන බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 02:50

-------------------------------------------------------

හම්බන්තොටින් මුහුදු ගිය යාත්‍රාවක් අනතුරට. - ධීවරයෙකු මරුට.

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පෙරවරු 07:58

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (11) රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ ධීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ධීවරයන් දෙදෙනෙකු සමග මුහුදු ගිය මෙම යාත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් සිටියදී එය අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැහැ. මුහුදට වැටී මිය ගිය ධීවරයාගේ සිරුර අද උදෑසන සොයාගෙන ඇති අතර ඔහු හම්බන්තොට ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි අයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories