UPDATE : කිලෝමීටර් 200 ට වැඩි දුම්රිය ගාස්තුවත් 80 කින් වැඩිවේ.

Saturday, 12 October 2013 - 11:09

UPDATE+%3A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+200+%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+80+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

කිලෝමීටර් 200 ට වැඩි දුරක් සඳහා දැනට අය කෙරෙන දුම්රිය ගාස්තුව නොවැම්බර් පළමුවැනිදා සිට සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සියලූ පන්ති සඳහා දුම්රිය ගාස්තුව රුපියල් 80 කින් ඉහළ යන බවයි. මෙය ගාස්තුවල පවතින විෂමතා ඉවත් කිරීමේ පියවරක් ලෙසයි ඔහු කියා සිටියේ. දැනට පවතින ගාස්තු ක්‍රමවේදය අනුව, කොළඹ සිට කිලිනොච්චිය දක්වා වන දුම්රිය ගාස්තුව රුපියල් 300 ක්. එහෙත්, පැවති ක්‍රමවේදයට අනුව කොම්පඤ්ඤවීදියේ සිට කිලිනොච්චියට අය කෙරෙන ගාස්තුව වන්නේ රුපියල් 220 ක්. මෙවැනි විෂමතා සැලකිල්ලට ගෙන මෙම ගාස්තු වැඩි කිරීම සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කියා සිටියේ.

 

 
ඒ අනුව බොහෝ දුරට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දුම්රිය ස්ථානයට පසු හමුවන දුම්රිය ස්ථාන සඳහා මෙම ගාස්තු සශෝධනය ක්‍රියාත්මක වනවා. කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට දැනට පවතින තුන්වන පංතියේ දුම්රිය ගාස්තුව රුපියල් 160 ක් වන අතර, දෙවන පංතියේ ගාස්තුව රුපියල් 290 ක්. ඒ අනුව එම ගාස්තු රුපියල් 80 කින් නොවැම්බර් පළමුවැනිදා සිට ඉහළ යනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 2:29

---------------------------------------------------------

කිලෝමීටර් 200ට වැඩි දුර සඳහා දුම්රිය ගාස්තු 80 කින් වැඩිවේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පෙරවරු 11:09

කිලෝමීටර් 200 ට වැඩි දුරක් සඳහා දැනට අය කෙරෙන දුම්රිය ගාස්තුව නොවැම්බර් පළමුවැනිදා සිට සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සියලූ පන්ති සඳහා දුම්රිය ගාස්තුව රුපියල් 80 කින් ඉහළ යන බවයි. මෙය ගාස්තුවල පවතින විෂමතා ඉවත් කිරීමේ පියවරක් ලෙසයි ඔහු කියා සිටියේ. දැනට පවතින ගාස්තු ක්‍රමවේදය අනුව, කොළඹ සිට කිලිනොච්චිය දක්වා වන දුම්රිය ගාස්තුව රුපියල් 300 ක්. එහෙත්, පැවති ක්‍රමවේදයට අනුව කොම්පඤ්ඤවීදියේ සිට කිලිනොච්චියට අය කෙරෙන ගාස්තුව වන්නේ රුපියල් 220 ක්. මෙවැනි විෂමතා සැලකිල්ලට ගෙන මෙම ගාස්තු වැඩි කිරීම සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා කියා සිටියේ. ඒ අනුව බොහෝ දුරට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දුම්රිය ස්ථානයට පසු හමුවන දුම්රිය ස්ථාන සඳහා මෙම ගාස්තු සශෝධනය ක්‍රියාත්මක වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories