UPDATE: බස් ගාස්තුව ගැන බස් හිමියන් අද සාකච්ඡාවක.

Saturday, 12 October 2013 - 14:31

UPDATE%3A++%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

සියයට 7 කින් පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹදී අද (13) පැවැත්වෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. නොවැම්බර් මස පළමුවැනිදා සිට සියයට 7 කින් පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා.  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිය අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී සාකච්ඡා කර ඉදිරි තීරණ ගන්නා බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පෙරවරු 7:25

----------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර්  12 සෙනසුරාදා- පස්වරු 7:10

නව ගාස්තු සංශෝධනයට බස් සංගම්වල විරෝධය.

සියයට 7 කින් පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව සියලූ බස් සංගම් එක්ව දීපව්‍යාප්තව විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කළා. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ සියයට 7 ක බස් ගාස්තුවට තම සංගමය එකඟ නොවන බවයි. සියයට 10 කින් බස් ගාස්තු ඉහළ යාමක් සිදුවිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

නොවැම්බර් මස පළමුවැනිදා සිට සියයට 7 කින් පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා. ඒ අමාත්‍යාංශය හරහා අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින්.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය අධ්‍යක්‍ෂ මණ්ඩලය හෙට රැස්වී මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවයි.  

අවසන් වරට බස් ගාස්තු සංශෝධනයක් සිදුවූයේ 2012 වසරේ පෙබරවාරි මස 14 වැනි දිනයි. එහිදී පෞද්ගලික සහ රජයේ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දැමුණා. කෙසේ වෙතත් නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනුකාරක සභාව ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිතයි.

මේ අතර, කිලෝමීටර් 200 ට වැඩි දුරක් සඳහා දැනට අය කෙරෙන දුම්රිය ගාස්තුව නොවැම්බර් පළමුවැනිදා සිට සංශෝධනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව සියලූ පන්ති සඳහා දුම්රිය ගාස්තුව රුපියල් 80 කින් ඉහළ යන බවයි.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 12 සෙනසුරාදා- පස්වරු 7:10

----------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර්  12 සෙනසුරාදා- පස්වරු 2:31

නොවැම්බර් මස පළමුවැනිදා සිට සියයට 7 කින් පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී.රත්නායක ප්‍රකාශ කළා. ඒ අමාත්‍යාංශය හරහා අද (12) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින්. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ හෙට තම සංගමය රැස් වී ඒ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

 
ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ සියයට 7 ක බස් ගාස්තුවට තම සංගමය එකඟ නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories