උතුරු මුහුදේ ධීවර යාත්‍රා 16 ක් අතුරුදන්. - 42 කට හානි.

Sunday, 13 October 2013 - 13:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.+-+42+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

පයිලින් සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් උතුරු මුහුදු තීරයේ නැංගුරම් ලා තිබූ යාත්‍රා 16 ක් අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාර සඳහන් කළේ තවත් යාත්‍රා 42 කට හානි සිදුව ඇති බවයි. යාපනය දිස්ත්‍රික්කයේ බෝට්ටු 11ක් අතුරුදන්ව ඇති අතර, 35කට හානි සිදුවුණා. මුලතිව් දිස්ත්‍රික්කයේ බෝට්ටු 5ක් අතුරුදන්ව ඇති අතර, බෝට්ටු 7කට හානි සිදුව තිබෙනවා. බෝට්ටු එන්ජින් 11ක් අතුරුදන්ව ඇති බව ද නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළා.
 
මේ අතර පයිලින් සුළි කුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න කියා සිටියේ පයිලින් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories