UPDATE :පොදු රද මඩුලූ ලේකම්ට එල්ල වූ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි.

Sunday, 13 October 2013 - 13:10

UPDATE+%3A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවට එල්ල වන චෝදනා විදේශ කටයුතු අමාත්‍යාංශයද ප්‍රතික්ෂේප කරනවා. එහි ලේකම් කරුණාතිලක අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මහලේකම්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කර නොමැති බවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මුතීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකව මහලේකම්වරයා කටයුතු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම වැඩිදුරටත් සදහන් කළේ.

මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී මහලේකම් කමලේෂ් ශර්මා ශ්‍රී ලංකාවට පක්ෂපාතී වන අයුරින් කටයුතු කර ඇති බවට කැනඩාව මීට පෙර ප්‍රකාශ කළා.  කෙසේ වෙතත්, ඉන්දීය ටි‍්‍රබියුන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමා පක්ෂග්‍රාහී ලෙස කටයුතු නොකළ බවයි.
 
මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව කැනඩා අග්‍රාමාත්‍යි ස්ටීවන් හාපර් ප්‍රකාශ කර තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 14 සඳුදා- පෙරවරු 07:48

-----------------------------------------------------------------------

චෝදනා නිසා ඉල්ලා අස්වීමට සූදානම් නැහැ. - කමලේෂ් ශර්මා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 13 ඉරිදා- පස්වරු 01:10

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමා පක්ෂග්‍රාහී ලෙස කටයුතු නොකළ බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා පවසනවා. කැනඩාව විසින් නගන චෝදනා ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ එම චෝදනා හේතුවෙන් තමා තනතුරෙන් ඉවත්වීමට සූදානම් නොමැති බවයි. ඉන්දීය ජාතික කීර්තිමත් රාජතාන්ත්‍රිකයෙකු වූ කමලේෂ් ශර්මා එරට ටි‍්‍රබියුන් පුවත්පත වෙත මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සිය තනතුර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව වෙත පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට කැනඩාව චෝදනා කළා. ශ්‍රී ලංකාව දිගින් දිගටම මානව හිමිකම් උල්ලංගණය කිරීම් සිදුකරන බවට චෝදනා කළ කැනේඩියානු සෙනෙට් සභික හියු සේගල් කියා සිටියේ එම වැරදි වසා ගැනීමට මහලේකම්වරයා සහාය වන බවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව මෙතෙක් ප්‍රකාශ කර ඇත්තේ කැනේඩියානු අගමැති ස්ටීවන් හාපර් පමණයි. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික අගයන් සුරැකීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළා. සෙනෙට් සභික හියු සේගල්, පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා ඉලක්ක කරගෙන ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවයි.

එහෙත්, එය තමා වෙත එල්ල වූ පෞද්ගලික ප්‍රහාරයක් ලෙසයි මහලේකම් කමලේෂ් ශර්මා සදහන් කර ඇත්තේ. මහලේකම්වරයා සිය තනතුර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ මානව හිමිකම් ඇතුළු පුළුල් ක්ෂේත්‍රයන් ඔස්සේ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඔහුගේ ප්‍රකාශකයා සදහන් කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ක්‍රියාමාර්ග සමඟ එක්ව කටයුතු කිරීම සඳහා කැපවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෑතකදී ලබාදුන් සහතිකය සම්බන්ධයෙන් ද ඔහු එහිදී සිහිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories