එජාපයේ විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා.

Sunday, 13 October 2013 - 19:20

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F.



එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවීමට නියමිත නව ඉහළ පෙළේ මණ්ඩලය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වෙනවා. එම සාකච්ඡාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට පසුගිය දා රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ලැබුවා. මෙම සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය කල් දැමීමට සිදුවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ඊට සහභාගි විය නොහැකි බවට දැනුම්දීම හේතුවෙන්.  කෙසේ වෙතත් ලබන අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම නායකත්ව මණ්ඩලයේ සංයුතිය පිළිබදව සහ එහි බලතල පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories