3 දැරියගේ ඇසේ ඇණුනු පිහිය විස්මිත සැත්කමකින් ඉවත් කෙරේ.

Monday, 14 October 2013 - 7:33

3+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%9A+%E0%B6%87%E0%B6%AB%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.


 

ගාල්ල - ඉමදුව ප්‍රදේශයේ වයස අවුරුදු 3 ක දැරියකගේ ඇසේ ඇණුනු පිහියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සමත් වුණා. චමෝද්‍යා ගිම්හානි නැමති මෙම දැරිය පසුගිය 11 වැනිදා දහවල් කාලයේදී මුළුතැන්ගෙයි තිබූ පිහියකින් සෙල්ලම් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පිහිය අතැතිව සිටි චමෝද්‍යා හදිසියේ බිම ඇද වැටීමෙනුයි ඇගේ දකුණු ඇසට ඉහළින් මෙම පිහිය  ඇණී ඇත්තේ. කෙසේ වෙතත් බරපතල තුවාල ලැබූ මෙම දැරිය පිහිය එලෙසම තිබියදී කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලේ වෛද්‍යවරුන් එහිදී පැය දෙකහමාරක පමණ සියුම් ශල්‍යකර්මයකට ඇය භාජනය කළා.

 
ශල්‍යකර්මය සිදුකළ ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පැවසුවේ ශල්‍ය කර්මය සූක්ෂමව සිදු නොකළේ නම් දැරියගේ ජීවිතයටද හානි සිදුවීමේ අවදානමක් පැවති බවයි. ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව ඇගේ පෙනීමේ තත්වයට බලපෑමක් නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක සඳහන් කළේ.

[JPG]69229_1[/JPG]

[JPG]69229_2[/JPG]

[JPG]69229_3[/JPG]

[JPG]69229_4[/JPG]

[JPG]69229_5[/JPG]

[JPG]69229_6[/JPG]

[JPG]69229_7[/JPG]

[JPG]69229_8[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories