සිවාජිලිංගම් තනිවම දිවුරුම් දෙයි.

Monday, 14 October 2013 - 12:42

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර උතුරු පළාත් සභාවට තේරී පත් වූ ටෙලෝ සංවිධානයේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අද (14) මන්ත්‍රී ධුරයේ තනිවම දිවුරුම් දෙනු ලැබුවා. මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන වැල්වැටිතුරෙයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේයි අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදුකරනු ලැබුවේ.

උතුරු පළාත් සභාවට තේරී පත් වූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතව තිබුණත් එම උත්සවය තාවකාලිකව කල් දැමුණා. ටෙලෝ සංවිධානයේ සාමාජික වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් සඳහන් කළේ මන්නාරම රදගුරු හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව මෙම දිවුරුම්දීම තාවකාලිකව කල්දැමූ බවයි. දෙමළ ජාතික සන්ධානයේ වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා තුරු මෙම දිවුරුම්දීම කල්දමන ලෙස මන්නාරම අගරදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙසයි මෙම දිවුරුම් දීම කල්දමා ඇත්තේ.

උතුරු පළාතේ අමාත්‍ය ධුර පිරිනැමීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් දෙමළ සන්ධානයෙන් උතුරු පළාතට තේරී පත්ව සිටි මන්ත්‍රීවරුන් 9 දෙනෙකු මීට පෙර පැවති දිවුරුම් දීමේ උත්සවය වර්ජනය කරනු ලැබුවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ දිවුරුම්දීමේ උත්සවය එහි හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වර්ජනය කර තිබූ අතර, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයෙන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණ සිටියේ පී. අයින්ගරනේෂන් මන්ත්‍රීවරයා පමණයි. කෙසේ වෙතත්, ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් දිවුරුම්දීමේ උත්සවයට පැමිණි සිටි නමුත්, එම සංවිධානයෙන් පළාත් සභාවට තේරී පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් දිවුරුම් දීමට පැමිණ සිටියේ නැහැ.

කෙසේ වෙතත් උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු සහ අමාත්‍යවරුන් සිව් දෙනා පසුගිය 11 වැනිදා යාපනයේදී  පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම් දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories