වීඩියෝ : ඔබාමා අර්බුදය විසඳන්න මුළුතැන්ගෙට යයි.

Tuesday, 15 October 2013 - 8:27

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඇමරිකානු අය වැය අර්බුදය විසදා ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රීවරුන් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති බැරක් ඔබාමාගේ පරිපාලනය විසින් කල් දමා තිබෙනවා. ඒ, මන්ත්‍රීවරුන්ට එකඟතාවකට පැමිණීම සඳහා කල් ලබාදීමටයි. මේ අතර, නිව්යෝක් නුවර දුප්පතුන් සඳහා සුප් පිසින මුළුතැන් ගෙයක් වෙත ගිය ජනාධිපති බැරක් ඔබාමා අය වැය අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. කෝකියෙකුගේ ඇදුමෙන් සැරසුණු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අර්බුදය විසදා ගැනීමට නොහැකි වුවහොත් ඇමරිකාවට සිය ණය පියවීමේ ගැටළුවක් මතුවිය හැකි බවයි. එය රටේ ආර්ථිකයට අතිශය අහිතකර අන්දමින් බලපානු ඇතැයි ජනාධිපති ඔබාමා අනතුරු ඇගවීමක් ද කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories