UPDATE :වීඩියෝ:ප්‍රතිසංවිධානයේ ප්‍රගතිය භික්ෂු පෙරමුණ හමුවට.

Tuesday, 15 October 2013 - 8:09

UPDATE+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේ ප්‍රගතිය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් අද (16) එක්සත් භික්ෂු පෙරමුණට දැනුම් දුන්නා. ඒ කොල්ලූපිටිය - පොල්වත්ත විහාරස්ථානයේදී එක්සත් භික්ෂු පෙරමුණෙහි නියෝජිතයින් හමුවෙමින්. මන්ත්‍රීවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද හිමියන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රතිසංවිධාන යෝජනාවලියට මේ වනවිටත් එකගතාවය මේ වනවිටත් පළ කර ඇති බවයි. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් වැදගත් අදහස් රැසක් එක්සත් භික්ෂු පෙරමුණ සමඟින් සාකච්ඡා කළ බවයි.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 16 බදාදා- පස්වරු 07:29

----------------------------------------------------------------

රනිල්, කරු, සජිත් පළමු සාකච්ඡාව සාර්ථකව අවසන්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 16 බදාදා - පෙරවරු 7:48

එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට යෝජිත ඉහළ පෙළේ මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (15) පස්වරුවේ පැවැත්වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට යොමුකිරීම සඳහා යෝජිත නව යාන්ත්‍රණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යා යුතු බව එහිදී තීරණය වී තිබෙනවා.

 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය සඳහන් කළේ පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදීව මෙම සාකච්ඡාව පැවැති බවයි.

 

මීට අමතරව එම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ තවදුරටත් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට එහිදී තීරණය වූ බවයි.

 
කෙසේ වුවත් ඉදිරි දින කිහිපය තුළ තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා පක්ෂයේ ජයග්‍රාහී මාවත කඩිනමින් අරඹන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

  

----------------------------------------------------------------------

රනිල්, කරූ, සජිත් සාකච්ඡා අදට අවසන්.

 

එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට යෝජිත ඉහළ පෙළේ මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (15) පස්වරුවේ පැවැත්වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට යොමුකිරීම සඳහා යෝජිත නව යාන්ත්‍රණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ. ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යා යුතු බව එහිදී තීරණය වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට පෙර එක්සත් ජාතික භික්ෂු පෙරමුණ විපක්ෂ නායකවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ, කොල්ලූපිටිය - පොල්වත්ත විහාරස්ථානයේදීයි.

මෙම සාකච්ඡාව සඳහා කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එම විහාරස්ථානයට පැමිණ තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සාකච්ඡාවට පැමිණ ඇත්තේ අද (15) පස්වරුවේයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා - පස්වරු 07:10

-----------------------------------------------------------------------------------------

රනිල්, සජිත්, කරු හමුව අද.

පෙර පුවත  2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පෙරවරු 08:09

එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට යෝජිත ඉහළ පෙළේ මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද (15) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවේදී මෙම මණ්ඩලයට පත් කෙරෙන සාමාජිකයන් සංඛ්‍යාව සහ එහි කාර්ය භාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ. මීට අමතරව ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ වලදී පක්ෂයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති. පසුගිය 5 වන දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම ඉහළ පෙළේ මණ්ඩලය පිළිබද සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයාට සහ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලය පවරනු ලැබුවා. එම සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත වුවත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් අනුව එය අද (15) පැවැත්වීමටයි තීරණය කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories