විලතලාවේ මල් නෙලූ කැකුළු දෙකක් පරවේ.

Tuesday, 15 October 2013 - 8:08

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%80%E0%B7%9A.

නෙළුම් මල් නෙලීමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙකු අම්පාර - මහඔය - විලතලාව වැවේ ගිලී ඊයේ (14) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 13 හැවිරිදි ඩිල්ශාන් ප්‍රභාත් කුමාර සහ 13 හැවිරිදි අංජන ප්‍රියශාන්ත යන ළමයින් දෙදෙනායි. මෙම ළමයින් දෙදෙනා ඉද්දපොළ මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා. පාසල් අවසන් වී මෙම සිසුන් දෙදෙනා ඇතුළු තවත් පාසල් සිසුන් පිරිසක් අද පැවැත්වීමට නියමිත පාසලේ ගුරු උපහාර උළෙලක් සඳහා විලතලාව වැවේ නෙළුම් මල් කැඞීමට ගොස් ඇති බව සඳහන්. එම අවස්ථාවේදී මෙම ළමයින් දෙදෙනා වැවෙහි මඬේ ගිලී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories