UPDATE : පිලිපීන භූ කම්පනයෙන් පසු අතුරු කම්පන පෙළක්.

Tuesday, 15 October 2013 - 8:26

UPDATE+%3A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A.



පිලිපීනයේ සේබු නුවර ආසන්නයේ අද (15) උදෑසන සිදුවූ රික්ටර් පරිමාණයේ 7.1ක භූ කම්පනයෙන් පසු අතුරු කම්පන කිහිපයක් සිදුවී තිබෙනවා. ඒවා රික්ටර් පරිමාණයේ 5ක ප්‍රබලත්වය ඉක්ම වූ කම්පනයි. මුල් භූ කම්පනයෙන් සේබු මාළු වෙළඳසැලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහි පැරණි දෙව් මැදුරු මෙන්ම විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් ඇතුළු නවීන ගොඩනැගිලි සහ මාර්ගවලට ද භූ කම්පනයෙන් හානි සිදුවී තිබෙනවා. රෝහල් ගොඩනැගිල්ලක් භූ කම්පනයත් සමඟ ගිනි ගැනීමෙන් එහි රෝගීන් ඉවත් කර ගැනීමට සිදුවුණා.

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පෙරවරු 9:05

--------------------------------------------------

පිලිපීනයට භූ කම්පනයක්.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පෙරවරු 08:26

පිලිපීනයේ සේබු නුවර කේන්ද්‍රකොටගෙන රික්ටර් පරිමාණයේ 7.2ක භූ කම්පනයක් මීට සුළු වේලාවකට පෙර වාර්තා වී තිබෙනවා. එහිදී අවම වශයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories