UPDATE : වරදක් කළේ නෑ. - පක්ෂය සමඟ ඉන්නවා. - ධර්මසිරි සහ නිමලසිරි.

Tuesday, 15 October 2013 - 8:33

UPDATE+%3A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92.

මධ්‍යම හා වයඹ පළාත් සභාවල පක්ෂයේ තීන්දුවට පිටුපා කටයුතු කළ මන්ත්‍රීවරුන් පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (14) රාත්‍රියේ දී රැස්වූ අතර, එහිදී මෙම තීරණයට එළඹුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එමෙන්ම වයඹ පළාත් සභාවේ සභාපති ධුරය සඳහා තේරුණු ධර්මසිරි දසනායක සහ මධ්‍යම පළාත් සභාවේ සභාපති ධුරයට තරග වැදුණු එල්.ඞී. නිමලසිරි ගෙත් ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ තීරණය කර තිබෙනවා.  

 

වයඹ පළාත් සභාවේ පසුගිය 11 වන දින පැවැති මංගල සැසි වාරයේදී සභාපති ධුරය සඳහා මහඇමති දයාසිරි ජයසේකර යෝජනා කළ ඉන්ද්‍රානි දසනායක,  පරාජයට පත් කරමින් එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධර්මසිරි දසනායක එම තනතුරට පත්වුණා. ඒ, වැඩි ඡන්ද 8කින්. ඡන්ද විමසීමේදී ධර්මසිරි දසනායක මන්ත්‍රීවරයා ඡන්ද 30ක් ලබා ගත් අතර, ඉන්ද්‍රානි දසනායකට හිමි වුණේ ඡන්ද 22ක් පමණයි.

 

පසුගිය 9 වන දා මධ්‍යම පළාත් සභා මංගල සැසිවාරය අවස්ථාවේදී සභාපති තනතුර සඳහා ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කෙරුණු මහින්ද අබේකෝන් මන්ත්‍රීවරයා විපක්ෂයෙන් යෝජනා කෙරුණු ආණ්ඩු පක්ෂයේම එල්.ඞී.නිමලසිරි මන්ත්‍රීවරයා පරාජයට පත් කරමින් එම තනතුරට පත්වූයේ වැඩි ඡන්ද දෙකකින්. මෙහිදී මහින්ද අබේකෝන් මන්ත්‍රීවරයාට ඡන්ද 29ක් ලැබුණු අතර එල්.ඞී.නිමලසිරි මන්ත්‍රීවරයාට ලැබුණේ ඡන්ද 27 ක් පමණයි.

 



මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (14) අවධානය යොමු කර මෙම තීරණවලට පැමිණි බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වයඹ පළාත් සභාවේ සභාපති ලෙස තේරී පත්වූ ධර්මසිරි දසනායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා වරදක් කර නොමැති බවයි.  

 
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සභාපති ධුරයට තරග වැදුණු එල්.ඞී. නිමලසිරිගෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ කුමන තීරණයක් ගත්ත ද තමා පක්ෂය සමඟ තවදුරටත් සිටින බවයි.            

 

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පස්වරු 12:46

-----------------------------------------------------------------------------

පක්ෂයේ තීන්දුවලට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 15 අඟහරුවාදා- පෙරවරු 08:33

මධ්‍යම හා වයඹ පළාත් සභාවල පක්ෂයේ තීන්දුවට පිටුපා කටයුතු කළ මන්ත්‍රීවරුන් පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (14) රාත්‍රියේ දී රැස්වූ අතර, එහිදී මෙම තීරණයට එළඹුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. එමෙන්ම වයඹ පළාත් සභාවේ සභාපති ධුරය සඳහා තේරුණු ධර්මසිරි දසනායක සහ මධ්‍යම පළාත් සභාවේ සභාපති ධුරයට තරග වැදුණු එල්.ඞී. නිමලසිරි ගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ තීරණය කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories