ඉන්දීය ධීවරයන් 37 ක් නාවික හමුදා භාරයට.

Tuesday, 15 October 2013 - 9:03

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කර මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් විසි දෙදෙනෙකු තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් 15 දෙනෙකු ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළා. ඉන්දීය ධීවරයන් සතු යාත්‍රා 9ක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ ධීවරයන් තලෙයිමන්නාරම සහ කරෙයිනගර් පොලීසි වෙත භාර දෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories