ටෙලිග්‍රාෆ් පුවත හමුදාව ප්‍රතික්ෂේප කරයි.

Tuesday, 15 October 2013 - 12:38

%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%86%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

උතුරු අයර්ලන්ත පොලිස් සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මෙරට යුද්ධයේ අවසන් සමයේ දී ආරක්ෂක උපදේශකයන් ලෙස කටයුතු කළ බව බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත ප්‍රකාශ කළා. මෙරට යුද්ධයේ දී බ්‍රිතාන්‍යය ආරක්ෂක අංශ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ ආකාරය පිළිබදව සොයා බලන ලිපියකයි ඒ බව සඳහන් කර ඇත්තේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය මත උතුරු අයර්ලන්ත පොලිස් සේවාව වෙතින්  අදාළ තොරතුරු ලබාගෙන ඇත්තේ කෝපරේට් වොච් නැමැති රාජ්‍ය නොවන සංවිධානය මගින්.

 

මාග්‍රට් තැචර් අගමැතිනියගේ පාලන සමයේ සිට බ්‍රිතාන්‍ය පොලීසිය ශ්‍රී ලංකාවට සහාය වූ බවත්, ඒ සඳහා දෙරට අතර ඉහළ පෙළේ සංචාර සංවිධාන කෙරුණු බවත් ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කළා. එම්.අයි.ෆයිව් බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ප්‍රධානියා පවා එලෙස කැරළි මර්ධන උපක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 3500කට පමණ 2007 වසරේ සිට ස්කොට්ලන්ත පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබාදී ඇති බවයි ටෙලිග්‍රාෆ් පුවත්පත සඳහන් කළේ.

 
කෙසේ නමුත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශ කළේ මෙරට යුද්ධයේ කිසිඳු අවස්ථාවකදී උතුරු අයර්ලන්ත ආරක්ෂක නිලධාරීන් උපදේශකයන් ලෙස කටයුතු නොකළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories