මැ.කො. මැති ඇමතිවරු කිහිප දෙනෙකුගෙන් කරුණු විමසයි.

Wednesday, 16 October 2013 - 7:46

%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගෙන් කරුණු විමසීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය තීරණය කර තිබෙනවා. ඒ, ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම තහනම් කර තිබියදීත් ඉකුත් පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූප ලබාගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන්. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත්  අදාළ මැති ඇමතිවරුන්ට ලිඛිතව ඒ පිළිබදව දැනුම් දී ඇති බවයි.

 

 
මීට අමතරව ඡායාරූප ගැනීමට ඉඩ ලබාදුන් අදාළ ඡන්ද මධ්‍යස්ථානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන්ද මේ පිළිබදව ලිඛිතව කරුණු විමසා තිබෙනවා. ඔවුන්ට ගන්නා විනයානුකූල පියවරක් ලෙස එම නිලධාරීන්ගේ දීමනා සියල්ල අත්හිටුවීමටද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර  ඇති බවයි වාර්තාවන්නේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායකයන්ට හා නිලධාරීන්ට බාධා ඇතිවන අයුරින් ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම තහනම් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories