පොලිස් පුටු 9 ක වෙනසක්.

Wednesday, 16 October 2013 - 13:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94+9+%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 4 දෙනෙකුට සහ පොලිස් අධිකාරිවරු 5 දෙනෙකුට ස්ථානමාරු ලබාදී තිබෙනවා. අම්පාර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ අජිත් රෝහණ, පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය සහ පොලිස් නිල මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇති. එමෙන්ම, නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ එම්.එච්.කේ.බී. මහගෙදර මින් ඉදිරියට කටයුතු කරනු ඇත්තේ අම්පාර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසයි.

මාතලේ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ එස්.සී. මැදවත්ත ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කේ.පී.පාලිත ප්‍රනාන්දු මාතලේ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශය සහ පොලිස් නිල මාධ්‍ය ප්‍රකාශක අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන බණ්ඩාරවෙල දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර තිබෙනවා. පුත්තලම දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ එස්.ඒ. අබේවික්‍රම  නුවරඑළිය දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙසත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, පුත්තලම දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර ඇති බව සඳහන්. බණ්ඩාරවෙල දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජී.අයි.ජී.ආර්. විජේසිංහ, මාන්කුලම් දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඊට අමතරව, කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයාව කටයුතු කළ පොලිස් අධිකාරි කේ.ජී.ඒ.අල්විස් එම තනතුරේ ස්ථිර කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories