වැසි සමග තද සුළං. අකුණුත් ප්‍රබලයි.

Thursday, 17 October 2013 - 7:33

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවල තද සුළං සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල කියා සිටියේ අන්තර් මෝසම සක්‍රියවීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ මෙම කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි.  
 
මේ අතර අනුරාධපුර - ශ්‍රාවස්ථිපුර අලූත්වැව කුමාර විද්‍යාලයේ ඊයේ පැවති ළමා දින සැමරුම් උත්සවයක් අතරතුර අකුණු සැර වැදීමෙන් සිදුවූ කම්පනයක් නිසා කාන්තාවක් සහ පිරිමි ළමයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අනුරාධපුර සුචරිතගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි ළමයෙක් සහ තිස් හත් හැවිරිදි කාන්තාවක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories