සියනෑ කැඳවුම්කරුට මරණ තර්ජන.

Thursday, 17 October 2013 - 19:50

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව රතුපස්වල සියනෑ ජලය සුරැකීමේ ජනනැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි පවසනවා. රතුපස්වල ජල ගැටලූව විසඳීම සඳහා පිහිටුවා ගත් විද්වත් මණ්ඩලයේ සාමාජිකයෙකු දුරකථනය ඔස්සේ ඊයේ (16) රාත්‍රියේ මෙම මරණ තර්ජන සිදුකළ බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ පිළිබඳව තමන් ගම්පහ මල්වතු හිරිපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඔහු කියා සිටියා.

මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය ගම්පහ මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories