මෙරට ප්‍රගතිය හෝ පසුබෑම CHOGAM සමුළුවෙන් හෙළි වේවි. - බ්‍රිතාන්‍යය

Friday, 18 October 2013 - 13:02

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%91%E0%B6%B8+CHOGAM+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%92.+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA

ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යය බයාදු සහ අස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල කරන චෝදනා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනුයි එම චෝදනාව එල්ල කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම තුළින් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තියක් නොමැති බව හෙළි වන්නේ යැයි ඔවුන් කියා සිටියා.

 

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය බ්‍රිතාන්‍ය රජය විසින් දැක බලා ගත යුතු බවයි. එය එරට පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අදහස බව ද විදේශ කටයුතු කාර්යාලය කියා සිටියා.

 
ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇත් ද නැතිනම් එවන් ප්‍රගතියක් නොමැති ද යන්න පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී තීරණය වනු ඇති බව එමගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් සුරැකීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබාදිය හැකි බවත්, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories