එල්.ටී.ටී.ඊ නායිකාවක් අත්අඩංගුවට.

Friday, 18 October 2013 - 13:31

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මන්නාරම - වෙඩිත්තලතිව් ප්‍රදේශයේ වසර 14 ක පමණ කාලයක් එල්.ටී.ටී.ඊ නායිකාවක් ලෙස කටයුතු කළ බව කියන කාන්තාවක් ඊයේ (17) මන්නාරම නගරයේදී වෙඩිත්තලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද්ධය නිමවීමෙන් පසුව මෙම කාන්තාව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව යන ප්‍රදේශවල සිටින සිය ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ටික දිනක් රැදී සිට එම නිවෙස්වල රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ නිරත වී ඇති බවට පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුවයි මෙම කාන්තාව අවුරුදු එකහමාරක් පමණ වයසැති සිය දරුවා සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. 31 හැවිරිදි වසීන්ද්‍රන් මරියශාන්තා නමැති මෙම කාන්තාව යාපනය - කොඩිකාමන් - විරුසුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. සැකකාරිනියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සොරකම් කරන ලද ලක්ෂ ගණනක රන් භාණ්ඩ රාජ්‍ය බැංකුවල උකස් කර ඇති බවයි. මෙම කාන්තාව අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories