UPDATE : වීඩියෝ: ගිගුරුම් සහිත වැසි තවදුරටත්.

Friday, 18 October 2013 - 18:40

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

දිවයින වටා පවතින අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය නිසා, ඉදිරියටත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය සඳහන් කළේ.

 

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කර නිවේදනයේ දැක්වෙන්නේ පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එහි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ද එහි දැක්වෙනවා. එමෙන්ම, අදාල මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 19 සෙනසුරාදා- පස්වරු 1:08

----------------------------------------------------------

වායුගෝලයේ කැළඹිල්ල තවමත්. - අදත් තද වැසි සමඟ සුළං.

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම යටතේ දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලිසහගත ස්වභාවය තවමත් එලෙසින්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව අදත් දිවයින පුරා තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ඊයේ (18) පස්වරුව වන විට අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 430කට අයත් පුද්ගලයන් 2054 දෙනෙකු පීඩාවට පත්ව සිටි බවයි. නිවාස 389කට අර්ධ හානි සිදුව ඇති අතර, නිවාස 64කට පූර්ණ හානි සිදුව තිබෙනවා.

 

පෙර පුවත 2013 ඔක්තෝබර් 19 සෙනසුරාදා - පෙරවරු 7:56

-----------------------------------------------------------------

අද රාත්‍රියේත් තද වැසි සමඟ සුළං.

පෙර පුවත 2013 ඔක්තෝබර් 18 සිකුරාදා- පස්වරු 06:40

පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 2051 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. නිවාස 49කට පූර්ණ හානි සිදුව තිබෙනවා. ඊයේ (17) රාත්‍රියේ ඉඳුරුව ප්‍රදේශයේ දී පස් බැම්මක් කඩා වැටීමෙන් 84 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ අතර අකුණු සැර වැදී 45 හැවිරිදි කාන්තාවක් මිය ගිය පුවතක් වාර්තා වුණේ වව්නියාවෙන්.

මේ අතර, අධික වර්ෂාව සහ පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගය භාවිත කරන්නන් අවධානයෙන් කටයුතු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ වන විට අධික වැසි ඇද හැලෙන බවයි.

අනුරාධපුර නුවරගම් පළාත, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ග්‍රාම නිලධාරී වසම් 3කට ඊයේ (17) බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 20කට පමණ හානි සිදුවුණා. මේ වන විට හානියට පත්වූ නිවාස යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

 



දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමඟ තද සුළං ද ඇතිවීමේ හැකියාව පවතින බවයි. ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 12ක කාලය තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළෙඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක විය හැකියි.

කෙසේ වෙතත් අන්තර්ජාතික කාලගුණික තොරතුරු සපයන වෙදර් ඩොට් කොම් වෙබ් අඩවිය ප්‍රකාශ කළේ  හෙට (19) දිනයේ කොළඹ නගරයට වැසි ඇති වීමට සියයට 60 ක සම්භාවිතාවක් පවතින බවයි. මහනුවර නගරයට සියයට 90 ක් වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින අතර හම්බන්තොට නගරයට වැසි ඇතිවීමේ සම්භාවිතාව සියයට 90 ක්.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories