එජාප නව සභාපති කබීර්. - ජාතික සේවක සංගමයට අජිත්.

Saturday, 19 October 2013 - 12:47

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.

පුරප්පාඩුවී ඇති එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික සේවක සංගමයේ සභාපති තනතුරු ලබන සතියේදී පිරවීමට නියමිත බව වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම සිදුකරනු ඇති බවයි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්වනු ඇති බවටයි එම පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කළේ. මීට අමතරව ජාතික සේවක සංගමයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා පත්වනු ඇති බවට ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය සහ ජාතික සංවිධායක ධුරය හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ පසුගියදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළා. එම තීරණයත් සමඟයි මෙම නව පත් කිරීම් සිදුකිරීමට තීරණය කර ඇත්තේ. එමෙන්ම ජාතික සේවක සංගමයේ සභාපති ධුරය දැරූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග ද මීට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වන බව විපක්ෂ නායකවරයා වෙත දැනුම්දී තිබුණා.

 
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පත් කිරීමේ බලය පක්ෂ ව්‍යවස්ථාවෙන් එහි නායකයාට හිමිව තිබෙනවා. මේ අතර, පුරප්පාඩු වී ඇති ජාතික සංවිධායක තනතුර පත් කිරීම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදුකිරීමට තීරණය කර ඇත්තේ. එහිදී එම තනතුරු සඳහා නම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් යෝජනා වුවහොත් අදාළ තනතුරු සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට ද සූදානමක් පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories