වීඩියෝ: සවඅර්බුදකරුවන් හඳුනාගන්න. එජාප මහ ලේකම්.

Saturday, 19 October 2013 - 18:58

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B7%80%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කරන පුද්ගලයින් පිළිබඳව සැබෑ පාක්ෂිකයන් දැනුවත්විය යුතු බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ පක්ෂය තුළ බෙදීම් ඇතිකරන පුද්ගලයින්ට තවදුරටත් සමාව නොදිය යුතු බවයි. මේ අතර, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූ පිළිබඳව එළඹෙන සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සියලූ මන්ත්‍රීවරුන් කැඳවන බවයි මහලේකම් තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories