UPDATE: කැසිනෝ ගැසට්වලට නාමිකව ඡන්ද විමසන්න. - එජාපය.

Saturday, 19 October 2013 - 19:02

UPDATE%3A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත් කෙටුම්පත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදන පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා, පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් පසු ඡන්ද විමසීම නාමිකව පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය පවසනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දැනටමත් මෙම ගැසට් පත්‍රයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි.

මෙම ගැසට් නිවේදන සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කැසිනෝ හෝ වෙනත් සූදු ක්‍රීඩාවක් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට කිසිවිටෙක අවසර ලබාදී නොමැති බව රජය අවධාරණය කළා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇතැම් පාර්ශව විසින් මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි. 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත ශ්‍රී ලංකාව තුළ අඛන්ඩව ක්‍රියාත්මක වන අතර මෙම පනත යටතේ බදු ගෙවමින් කොළඹ නගරයේ ස්ථාන 4 ක මේ වනවිටත් සූදු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන යන බව එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් මාතර පැවති රැස්වීමකට එක්වෙමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රශ්න කලේ මෙම ගැසට් නිවේදනයට විරුද්ධවන්නන් රේස් බුකි ඇතුළු ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට විරුද්ධ නොවන්නේ මන්ද යන්නයි.

New Update :  2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 1.12

--------------------------------------------------------------

Previous News : 2013 ඔක්තෝබර් 19 සෙනසුරාදා- පස්වරු 07:02

කැසිනෝ චෝදනා - ආණ්ඩුව කරුණු පහදයි.

කැසිනෝ හෝ වෙනත් සූදු ක්‍රීඩාවක් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට කිසිවිටෙක අවසර ලබාදී නොමැති බව රජය අවධාරණය කරනවා. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇතැම් පාර්ශව විසින් මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි.  1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත ශ්‍රී ලංකාව තුළ අඛන්ඩව ක්‍රියාත්මක වන අතර මෙම පනත යටතේ බදු ගෙවමින් කොළඹ නගරයේ ස්ථාන 4 ක මේ වනවිටත් සූදු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් කලක සිට අගනුවර ජනාකීර්ණ හා වැදගත් ස්ථාන කිහිපයක අක්‍රමවත්ම පවත්වාගෙන යනු ලබන මෙම ස්ථාන හඳුනාගත් යම් ප්‍රදේශයකට ඒකරාශි කිරීමට රජයේ අවධානය යොමුව තිබුණා.

ඒ අනුව, මෙරට ගොඩනැගී තිබෙන ආයෝජනයට හිතකර පසුබිම තුළ මහාපරිමාණයේ විස්තීරණ නිකේතනයක් පිහිටුවීමට  ඕස්ට්‍රේලියාවේ සිව්වැනි විශාලතම ආයෝජකයා වන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම කැමැත්ත පළ කළා. මෙය තවත් ආයෝජකයන් පිරිසක් සමඟ එක්ව සිදුකරන මිශ්‍ර ආයෝජනයක් වන අතර, මෙම විස්තීරණ නිකේතනය තුළ අති නවීන සුඛෝපභෝගි හෝටල්, සම්මන්ත්‍රණ ශාලා,වෙළඳ සාප්පු සංකීර්ණ, කාර්යාල පහසුකම් හා විනෝදාස්වාද පහසුකම් වලින් සමන්විත වනවා.

 
ඒ අනුව අගනුවර අවිධිමත්ව පවත්වාගෙන ආ සූදු ඇල්ලීමේ මධ්‍යස්ථාන දෙකක් වසා දැමෙන අතර, එය නව විධිමත් ස්ථාන දෙකක ස්ථාපිත වනු ඇති. අගනුවර ජනාකීර්ණව අවිධිමත්ව පවත්වාගෙන යන ස්ථාන හඳුනා ගත් කලාප ඒකරාශි කිරීමේ මෙම වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ සහ අනෙකුත් ආගමික නායකයන්ගේ ප්‍රසාදය හිමිව ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ලොව මහා පරිමාණ ආයෝජන මෙරටට පැමිණෙන අවධියක කිසිදු නිවැරදි තක්සේරුවකින් තොරව ඇතැම් බලවේග විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories