UPDATE: හුළු ගගේ අතුරුදන් වූ හිමිනමගේ සිරුර හමුවේ.

Sunday, 20 October 2013 - 16:22

UPDATE%3A+%E0%B7%84%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.



මහනුවර - තෙල්දෙණිය - ඔරුතොට හුළු ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ හිමි නමගේ සිරුර අද (20ධ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. තෙල්දෙනිය පොලීසිය සදහන් කළේ අද රාත්‍රී 7.30ට පමණ විශේෂ මෙහෙයුමකින් පසු හිමි නමගේ මෘත ශරීරය සොයා ගත් බවයි. මෙලෙස හුළුගගේ දිය නෑමට ගොස් අතුරුදන් වී ඇත්තේ ගාල්ල - බලපිටිය අමරසිංහාරාමයේ වැඩ වසන 20 හැවිරිදි හිමි නමක්. මෙම හිමි නම පසුගිය දා ඔරුතොට - ගංකේවෙල විහාරස්ථාන වෙත වැඩම කර ඇත්තේ එහි කඨින පිංකමකට සහභාගිවීම සඳහායි. ගංකේවල විහාරස්ථානයේ සිට අතුරුදන් වූ හිමි නම තවත් භික්ෂූන් වහන්සේ තුන් නමක් සමග අද පස්වරුවේ හුළු ගගේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී මෙම භික්ෂූන් වහන්සේලා සිව් දෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ස්වාමීන් වහන්සේලා තුන්දෙනෙකු බේරා ගත්තා.

New Update : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 08:33

 ------------------------------------------------------------

හුළු ගගේ  දිය නෑමට ගිය හිමි නමක් අතුරුදන්.

Previous News : : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 06:50


මහනුවර - තෙල්දෙණිය - ඔරුතොට හුළු ගගේ දිය නෑමට ගොස් අතුරුදන් වූ හිමි නම සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව තෙල්දෙණිය පොලීසිය පවසනවා. මෙලෙස හුළුගගේ දිය නෑමට ගොස් අතුරුදන් වී ඇත්තේ ගාල්ල - බලපිටිය අමරසිංහාරාමයේ වැඩ වසන 20 හැවිරිදි හිමි නමක්. මෙම හිමි නම පසුගිය දා ඔරුතොට - ගංකේවෙල විහාරස්ථාන වෙත වැඩම කර ඇත්තේ එහි කඨින පිංකමකට සහභාගිවීම සඳහායි. ගංකේවල විහාරස්ථානයේ සිට අතුරුදන් වූ හිමි නම තවත් භික්ෂූන් වහන්සේ තුන් නමක් සමග අද (20) පස්වරුවේ හුළු ගගේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී මෙම භික්ෂූන් වහන්සේලා සිව් දෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් තුන්දෙනෙකු බේරා ගත් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.



---------------------------------------------------------------------------------------

හුළුගගේ දිය නෑමට ගිය හිමි නමක් අතුරුදන්.

Previous News : 2013 ඔක්තෝබර් 20 ඉරිදා- පස්වරු 04:22

මහනුවර - තෙල්දෙණිය - ඔරුතොට හුළු ගගේ දිය නෑමට ගිය හිමි නමක් අතුරුදන් වී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අද (20) පස්වරුවේ අතුරුදන් වූ හිමිනම තවත් සිව් දෙනෙකු සමඟ හුළු ගගේ දිය නෑමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේ සිව් දෙනාම දියේ ගිලී ඇති අතර ඉන් තුන්දෙනෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ. මේ වන විට අතුරුදන් වූ හිමිනම සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව ද තෙල්දෙණිය පොලීසිය කියා සිටියා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ගාල්ල - බලපිටිය අමරසිංහාරාමයේ වැඩ වසන 20 හැවිරිදි හිමි නමක්.

[JPG]69675_1[/JPG]

[JPG]69675_2[/JPG]

[JPG]69675_3[/JPG]

[JPG]69675_4[/JPG]

[JPG]69675_5[/JPG]

[JPG]69675_6[/JPG]

[JPG]69675_7[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories