UPDATE:වීඩියෝ: මවට සහ දරු දෙදෙනාට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට.

Monday, 21 October 2013 - 7:28

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


 

ගලේවෙල - තලකිරියාගම ප්‍රදේශයේදී කාන්තාවකට ඇගේ මවට සහ දරු දෙදෙනාට පෙට්‍රල් දමා ගිනි තබා තුවාල සිදුකළ සැකකරු පොලිසිය අද (23)අත්අඩංගුවට ගත්තා. ඒ දඹුල්ල ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි. පසුගිය 20 වැනිදා සිදුකළ මෙම ගිනි තැබීමෙන් තුවාල ලැබූ දරුවන් දෙදෙනා මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කාන්තාව සහ මව දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ කාන්තාව සහ සැකකරු අතර පැවති අනියම් සබඳතාවයක් මත මෙම ගිනි තැබීම සිදුකර ඇති බව සඳහන්.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 23 බදාදා- පස්වරු 01:48

----------------------------------------------------------------------------------

ගලේවෙල ගිනි තැබීමේ සැකකරු හඳුනාගැනේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 01.00

ගලේවෙල - පහළවැව - තලකිරියාගම ප්‍රදේශයේ නිවසකට ඇතුලූවී කාන්තාවකට ඇගේ මවට හා දරුවන් දෙදෙනාට ගිනි තැබීමේ සිද්ධියට අදාළ කාන්තාවගේ අනියම් සැමියා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවට පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පෙට්‍රල් දමා ගිනි තැබීම සිදුකළ බවටද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී ඇති බවයි.

අද (21) අලූයම 1.45 ට පමණ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ නිවසකට ඇතුලූ වූ පුද්ගලයෙකු මෙලෙසද නිවස තුළ සිටි කාන්තාවන් දෙදෙනෙකුට හා කුඩා දරුවන් දෙදෙනෙකුට ගිනි තබා පළාගොස් තිබුණා. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් තුවාල ලැබූවන් දඹුල්ල රෝහල වෙත ඇතුළත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණේ අදාළ කාන්තාව සිය සැමියා අතහැර තම දරුවන් දෙදෙනාද රැගෙන මෙම පුද්ගලයාගේ මාස කිහිපයකට පෙර ගිනි තැබීම සිදුකළ පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි.

ඊයේ එම පුද්ගලයා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව නිවස අතහැර දරුවන් දෙදෙනාත් සමග සිය සහෝදරියගේ නිවස වෙත පැමිණ තිබෙනවා. මෙම සිද්ධියෙන් කෝපයට පත්වූ අනියම් සැමියා අද අලූයම එම නිවසට ඇතුලූවී කාන්තාවට සහ දරුවන් දෙදෙනාට ගිනි තබා තිබෙනවා. එම අවස්ථාවේ ඔවුන් බේරාගැනීමට පැමිණි කාන්තාවගේ මවටද ගිනි තැබූ එම පුද්ගලයා ජනෙල් කවුළුවකින් පලා ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලේවෙල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
පිළිස්සුම් තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කළ දරුවන් දෙදෙනා තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ගිනි ගැනීමෙන් තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ මවද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

--------------------------------------------------------------------------

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පෙරවරු 07:28

ගලේවෙල නිවසකට ගිනි තබයි. 4 කට බරපතලයි.

ගලේවෙල - තලකිරියාගම - කිරළගොල්ල ප්‍රදේශයේ නිවසකට අද (21) අලූයම කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. දඹුල්ල පොලීසිය සඳහන් කළේ කුඩා දරුවන් දෙදෙනා බරපතල තත්ත්වයේ පසුවන බවයි. කුඩා දරුවන් දෙදෙනා දඹුල්ල රෝහලෙන් මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට කටයුතු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු සහ අවුරුදු 9 ක ගැහැණු දරුවෙක්. කාන්තාවන් දෙදෙනාද පිළිස්සුම් තුවාල ලබා දඹුල්ල රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.
 
පොලීසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මත මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට මේ වනවිට කරන ලද මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි.

[JPG]69689_1[/JPG]

[JPG]69689_2[/JPG]

[JPG]69689_3[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories