මාතර එජාප ගැටුමේ 44 ක් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට.

Monday, 21 October 2013 - 7:32

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+44+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7.

මාතර දී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර පසුගිය 5 වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 44 දෙනෙකු අද (21) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මීට පෙර නියෝග කළේ. ඒ අනුව ගැටුමට සම්බන්ධ බවට  ඊයේ අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුලූ සැකකරුවන් හතරදෙනාද අද හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, පසුගිය 17 වන දා කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි, නීතීඥ නදිල් මාලගොඩ ද මාතර ගැටුම සම්බන්ධයෙන් පොලීසියට භාර වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමලසිරි මෙන්ම බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතීඥ කමල් ජයන්ත ද සොයිසා පොලීසියට භාර වූයේ පසුගිය 15 වැනිදායි. පසුව මංගල සමරවීර මන්ත්‍රිවරයා ඇතුලූ තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු ඇප මත මුදා හැරුණු අනෙකුත් පුද්ගලයින් ද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
 
මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඒ පිළිබඳ අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories