ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපති පොලීසියට භාරවෙයි.

Monday, 21 October 2013 - 10:53

%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පෞද්ගලික බස් රථ සේවකයන් තිදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ලවූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා අද පෙරවරුවේ මාරවිල පොලීසියට භාරවී තිබෙනවා. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් හලාවත - කොළඹ මාර්ගයේ ධාවනයේ යෙදුනු සුඛෝපභෝගී බස් රථ සේවකයන් ඊයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළ අතර ඊට අද පෙරවරුවේ පුත්තලම - කොළඹ සහ ආණමඩුව - කොළඹ සියලූම බස් රථ එක්වුණා.  මහවැව නගරයේදී මෙම පහරදීම සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ බස් රථ සේවකයන් තුන්දෙනෙකු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories