UPDATE: වීඩියෝ:මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ දෙදෙනෙකුට ඇප.

Monday, 21 October 2013 - 12:49

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන රවිඳු වාස් ගුණවර්ධන නැමැත්තාට නවාතැන් පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දිමුතු හෙට්ටිආරච්චි ඇප මත මුදා හැරීමට අධිකරණය අද (21* නියෝග කළා. සැකකරු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදා හැරීමට නියෝග කර ඇත්තේ. සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සෑම දෙසතියකටම වරක් රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළා. මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු වන වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ද අද (21) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර,  අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මූලික පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි. දැනට රිමාන්ඞ් භාරයට පත් කර සිටින වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 6 දෙනා නොවැම්බර් මස 4 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ පළමු සැකකරුවෙකු වන මොහොමඞ් ෆවුසිඞීන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා. රුපියල් 50 000ක මුදල් ඇපයක් සහ  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුන්දර නියෝග කළේ.

මෙම නඩුවේ පළමු සැකකරුවන් වන මොහොමඞ් ෆවුසිඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ යන පුද්ගලයන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට සූදානම් බව මීට පෙර නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබුණා.


මේ අතර, දැරණියගල - නූරිවත්ත වතු අධිකාරි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවන් 23 දෙනාට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතීඥයින් අද (21) අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඇප අයදුම්පත් ඉදිරිපත් කළා. එහිදී මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න කියා සිටියේ මේ මස 28 වැනිදා මේ සම්බන්ධයෙන් සලකා බලන බවයි. 
 

මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින 23 දෙනා අද (21) අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඞී.එච්.ඒ. සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊට අමතරව, මෙම සිද්ධියේ 14 වන සැකකරුට අයත්, ත්‍රිරෝද රථය රුපියල් තුන් ලක්ෂ 50,000 ක බැඳුම්කරයකට යටත්ව එය කලින් අයිතිව පැවති සමාගම වෙත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 07:42

-----------------------------------------------------------------------------------------

සියාම් ඝාතනයේ පළමු සැකකරුවෙකුට ඇප.

පෙර පුවත 2013 ඔක්තෝබර් 21 සඳුදා- පස්වරු 12:49

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුවේ පළමු සැකකරුවෙකු වන මොහොමඞ් ෆවුසිඞීන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා. රුපියල් 50 000ක මුදල් ඇපයක් සහ  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුන්දර නියෝග කළේ. මීට පෙර මෙම නඩුවේ පළමු සැකකරුවන් වන මොහොමඞ් ෆවුසිඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ යන පුද්ගලයන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට සූදානම් බව මීට පෙර නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබුණා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories