එක්සත් ශ්‍රී ලංකාවක් අවශ්‍ය බව ඉන්දියාව කියයි.

Wednesday, 23 October 2013 - 7:39

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා ඉන්දියාව නිරන්තරයෙන් උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි. කේ. සිංහා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය මගින් ආසියාවේ දේශපාලන ස්ථාවරත්වය ශක්තිමත් වන බවයි. ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සමග ඊයේ (22) පැවති සාකච්ඡාවකදියි. ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය නිරන්තයෙන් ධෛර්යමත් කරන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදෙන ආධාර මුළුමනින්ම දෙමළ ජනතාවට නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පවසනවා. මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත දෙමළ ජාතික සන්ධාන නායකයා ඉන්දීය මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර ඇත්තේ භාරතිය ජනතා පක්ෂයේ තමිල්නාඩු නායක පී. රාධක්‍රිෂ්ණන් ඇතුලූ නියෝජිතයන් පිරිසක් ඊයේ හමුවීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට විසඳුම් ලබාදී ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ඉන්දීය රජය මැදිහත්විය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළා. 13 වන සංශෝධනය අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ගනු ලැබූ තීරණය මේ වනවිට තාවකාලිකව යටපත්ව තිබුණත් එය මුළුමනින්ම ඉවත් කරගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා ඉන්දීය මාධ්‍ය වෙත පෙන්වා දී ඇත්තේ. මේ නිසා 13 වන සංශෝධනය තවදුරටත් එලෙසම පවත්වාගෙන යෑමට ඉන්දීය රජය මැදිහත්විය යුතු බව ඔහු අවධාරණය කළා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිළිබඳව ඉන්දියාව හොඳින් සිතා බලා තීරණයක් ගතයුතු බවයි දෙමළ සන්ධාන නායකයා ප්‍රකාශ කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories